හිංසනයට හා ප්‍රචණ්ඩත්යෙන් තොර වැඩබිමක් ගොඩ නඟමු

අදට යෙදී ඇති  “ජාත්‍යන්තර මානව හිමිකම් දිනය” මූලික කොටගෙන ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය විසින් සංවිධානය කරනු ලබන වැඩසටහනක් අද (10) කොටුව දුම්රිය පළ ඉදිරිපිට දී පැවැත්වේ.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කරගනිමින් හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වැඩ බිමක් උදෙසා ජනතාව සංවිධානය කිරීම හා දැනුවත් කිරීමයි. එහිදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කර ඇති ILO C190 පනත (හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වැඩ ලෝකයක්) ශ්‍රී ලංකාව තුළද සම්මත කිරීමට රජයට බල කිරීමත්, එහි ඇති වැදගත්කම පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීමත් අරමුණු කරයි.

ගෘහ සේවක සංගමය විසින් ප්‍රධාන පාඨයක් ලෙස “ගෘහ සේවක අයිතිවාසිකම්ද මානව අයිතිවාසිකමකි” ගෙන එන අතර ඔවුන් අවිධිමත් අංශය වෙනුවෙන් උක්ත පනත සම්මත කර ගැනීමට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරයි.

මෙහිදී වැදගත් තවත් කරුණක් වන්නේ ජාත්‍යන්තර වශයෙන් උක්ත පනත සම්බන්ධව දින 16ක දැනුවත් කිරීමේ (Global 16 Days Campaign) වැසටහනක් ක්‍රියාතමක වන අතර එහි අවසන් දිනය හෙට දිනයි. මෙම වැඩසටහන තුළින් ඔවුන්ගේ ඔවුන්ගේ දින 16 වැඩසටහනට සහයෝගය ලබා දීමද අපේක්ෂා කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435