UAEහි රියදුරන්ට අබුඩාබි පොලීසියෙන් අනතුරු හැඟවීමක්!

අබුඩාබි පොලීසිය විසින් මෝටර් රථ රියදුරන්ට අනතුරු හැඟවීමක් කර තිබෙන අතර එහිදී රියධාවනය කරන අවස්ථාවේ ජංගම දුරකථන භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනබවට පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අබුඩාබි පොලීසිය සිය ටුවිටර් ගිණුමේ සඳහන්කර ඇත්තේ රිය ධාවනයේදී මාර්ගවල ගමන් ගන්නා ජනතාව හා රිය පදවන තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද වඩාත් උනන්දුවක් හා පරීක්ෂාකාරිවිය යුතු බවත් ආරක්ෂාකාරී ලෙස රියධාවනය කළ යුතු බවත්ය.

විශේෂයෙන් රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කිරීම අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන අතර මාර්ග අනතුරු හා වාහන තදබදක් ඇතිවීමටද එය හේතුවෙන බවත් පොලීසිය පෙන්වා දෙයි.

එරට බලපැත්වෙන මාර්ග නීතියට හා දඩ ක්‍රමවේදයට අනුව මෙවැනි මාර්ග නීති උල්ලංඝනය කිරීම වරදක්වන අතර ඒ සඳහා ඩිර්හම් 800ක් හා රියදුරු බලපත්‍රයට බැලැක් පොයින්ට්ස් 4ක්ද එකතු වෙන පව පොලීසිය සඳහන් කර ඇත.

ඊට අමතරව රියධාවනයේදී ජංගම දුරකථනයෙන් විවිද ගේම් ප්ලේ කිරීම, පින්තූර ගැනීම හෝ රූපලාවන්‍ය කටයුතු කිරීමෙන්ද මෙම දඬුවමට යටත් වෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435