‘හෙදියක් දුරකතනයට කන් දෙමින් වැරදි එන්නතක් ලබා දීලා’

‘හෙදියක් සිය ජංගම දුරකතනයට ඇහුන්කන් දෙමින් වැරදි එන්නතක් ලබා දීම හේතුවෙන් එක් අතක ඇඟිලි දෙකක් අහිමි වී එම අතද අක්‍රිය වූ’ රෝගියකු සාධාරණය ඉල්ලා පොලිසියට පැමිණිලි කරයි.

උදරාබාධයක් වැළඳී මීගමුව රෝහලට ඇතුළු වූ තමාට වැරදි එන්නතක් ලබා දීම හේතුවෙන් මෙවැනි විපතකට මුහුණ දීමට සිදු වී ඇති දංකොටුව, ගෝනවිල පදිංචි පනස් හය හැවිරිදි ජයකොඩි අරච්චිගේ ජයවික්‍රම පවසයි.

‘2014 වසරේ ඔක්තෝබර් මාසෙ බඩේ අමාරුවක් නිසා දංකොටුව රෝහලට මම ඇතුළත් වුණා. එතනින් මාව මීගමුව රෝහලට මාරු කළා. එහෙන් මට ශල්‍යකර්මයක් කරලා ගෙදර එවුවා’ දියණියන් දෙදෙනකුගේ පියකු වන ජයවික්‍රම කියා සිටියේය.

‘ගණන් ගත්තේ නැහැ’

‘මම නර්ස් නෝනාට කතා කරලා කිව්වා මගේ අතට ගොඩාක් අමාරුයි මේ විදපු බේත් එක හරිද කියලා. ඒ වෙලාවෙත් එයාගේ කනේ උරහිසට හේත්තු කර ගෙන ෆෝන් එක තිබුණා.මම කොච්චර වේදනාවෙන් කෑ ගැහුවත් එයා ගණන් ගත්තේ නැහැ බලන් ඉද්දි මගේ අත කලු වුනා’ ඔහු සිද්ධිය විස්තර කළේ බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න හා සාකච්ඡාවකට එක් වෙමින්.

‘දොස්තර මහත්තයා ඇවිත් බලලා කීවා විදපු බේත් එක වැරදිලා මාව ඉක්මනින් කොළඹ ජාතික රෝහලට යවන්න කියලා. ජාතික රෝහලේ දොස්තර මහත්වරු බලලා කිව්වෙ, බෙහෙත් එක වැරදියට ගහපු නිසා අතේ ඇඟිලි බේත් එකේ සැරට පිච්චිලා කියලා. පසුගිය සැප්තැම්බර් මාසේ 24 වෙනිදා මගේ අතේ ඇඟිලි දෙකක් කපලා දැම්මා’

වගකිවයුත්තන්ට පැමිණි කොට පළක් නොවූ තැන මීගමුව රෝහල ඉදිරිපිට උපවාසයකද යෙදුනු බවත් ඔහු පැවසීය.

‘අද මගේ ළමයිට පාසලක නැහැ.මම වැඩ කල තැනින් ඉවත් කලොත් මට ඉන්න තැනකුත නැහැ.මම වැඩ කලේ ගඩොල් පොරෝණුවක.අත බැරි නිසා එතන වැඩ කරන්නත් දැන් බැහැ.මම කියන්නේ අද මට වුනා.හෙට තව කාට හරි වෙයි.නොසැලකිල්ලෙන් මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන එක අයෙකුට හරි දඩුවමක් දුන්නොත් කාට කාටත් ඇස් ඇරෙයි’

මේ සිදුවීම පිළිබඳ මීගමුව මහා රෝහලේ හිටපු අධ්‍යක්ෂකවරියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවයි .

මූලාශ්‍රය – BBC

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435