හොර පාරෙන් දුන්නු රාජ්‍ය සේවයේ පත්වීම් 2146ක් ගැන කසුකුසුවක්?

විධිමත් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියක් නොමැතිව සමෘද්ධි බැංකු 1072කට හා සමෘද්ධි බැංකු සමිති 400ක් සඳහා තොරතුරු තාක්ෂණ සහකාර තනතුරු සඳහා පිරිස් බඳවා ගැනීම නිසා දැනටමත් තාවකාලික පදනම මත බඳවා ගෙන තිබෙන සේවකයින්ට අසාධාරණයක් සිදුව ඇති බවට සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා එල්ලවී තිබේ.

මෙලෙස ලබා දී ඇති නීතිවිරෝධී පත්වීම් සම්බන්ධයෙන් පසුගිය 11 වෙනි දින මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කළ බවයි එම සංගමයේ සාමාජිකයෙකු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විශේෂයෙන් මෙම තනතුරු සඳහා දේශපාලන මැදිහත්වීම් මත ආසන සංවිධායකයින්ගේ නිර්දේශ ලැබූ තරුණ තරුණියන් 2146කට පත්වීම් ලිපි නිකුත්කර තිබෙන බවත් ඔවුන්ගේ වැටුප් සමෘද්ධි බැංකුවල සමෘද්ධිලාභීන් තැම්පත්කර ඇති මුදල්වලින් ගෙවීම් කරන බවත් එය දැඩි නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සංගමය පෙන්වා දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435