හොර පාරෙන් ප්‍රංශයට යන්න ගිය ලාංකිකයින් 07කට වැඩ වරදියි

නීති විරෝධී ලෙස රී යුනියන් දුපතට ඇතුළු වූ මෙරට ධීවරයින් හත් දෙනෙකු එරටින් පිටුවහල් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රංශයට අයත් රී යුනියන් දූපතට නීති විරෝධී ලෙස ඇතුළු වූ මෙරට ධීවරයින් හත් දෙනෙකු පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මීගමුව ප්‍රදේශයෙන් පසුගිය දෙසැම්බර් පස් වන දින මෙම ධීවරයින් පිරිස “ඔෂද පුතා” නමැති ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා විය.

මොවුන් නීති විරෝධී ලෙස රී යුනියන් දූපතට ඇතුළු වී ඇති අතර ඔවුන් එරටින් පිටුවහල් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව පිටුවහල් කරනු ලැබු එක් ධීවරයෙකු ඊයේ දිනයේ දිවයිනට පැමිණ ඇති අතර තවත් දෙදෙනෙකු අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.

( උපුටා ගැනීම – අද දෙරණ)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435