හොර පාරෙන් යුරෝපයට යන්න ගිය ලාංකිකයින් තුර්කියේදී අත්අඩංගුවට

තුර්කිය හරහා යුරෝපයට සංක‍්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු  නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ආනදෝලූ ප‍්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටී.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට බටහිර එඞ්රින් පළාත හරහා යුරෝපා දේශ සීමා වෙත නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වීමට උත්සාහ කළ සංක‍්‍රමණිකයින් පිරිසකි.

ලාංකිකයින්ට අමතරව අත්අඩංගුවට පත් 558 දෙනා අතර පකිස්ථාන්, බංග්ලාදේශ,ඇෆ්ඝනිස්ථාන ,මෙරොක්කෝ ,ටියුනීසියා ,ඉරාන ,ඉරාක ,පලස්තීන , ඊජිප්තු සහ සිරියා ජාතිකයින් සිටින බවද ආනදෝලූ ප‍්‍රවෘත්ති ඒජන්සි වාර්තාවේ සඳහන් වේ.

සිරියාවේ සිවිල් යුද්ධය හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුර්කියට පළා ආ අතර 2018 වසර අවසානය වන විට නීතිවිරෝධි සංක‍්‍රමණිකයින් දෙලක්ෂ 18,000 ක් තුර්කියේ රැඳී සිටින බව එරට අභ්‍යන්තර අමාත්‍යාංශ්‍ය සඳහන් කර සිටී.

(මූලාශ්‍රය – ලංකාදීප)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435