හොර විදේශ රැකියා ඒජන්සියක් වටලා අත්අඩංගුවට

සංචාරක වීසා මගින් විදේශ රටවල පුද්ගලයින්ට රැකියා ලබාදෙමින් වලංගු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් 2019.04.02 දින වැටලීම් කර එම ආයතනය පවත්වාගෙන ගිය පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එච්.එෆ්.ට්‍රැවල්ස් නමින් අංක 19, ටී.බී.ජයා මාවත, මරදාන, කොළඹ 10 යන ස්ථානයේ ගුවන් ගමන් බලපත්‍ර ලබාදෙන ආයතනයක් මුවාවෙන් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී එම ස්ථානයේ තිබී මෙම ආයතනයට විදේශ රැකියාවක් ලබාගැනීම සදහා ඉල්ලුම්පත්, ගමන් බලපත්‍ර 23ක් හා වෛද්‍ය වාර්ථා, පොලිස් වාර්ථා, කාර්යාංශයේ පුහුණුව ලබාදෙන සහතික පත්‍ර ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.
වැඩිදුර කරුණු විමර්ශනය කිරීමේදී රැකියා ලබාදීම සදහා එක් අයෙකුගෙන් රු. 150,000.00 මගින් මුදල් ලබාගෙන ඇති බව හෙළි විය.

එම ස්ථානය පවත්වාගෙන ගිය මොහොමඩ් යූසුෆ් හම්සතුල් පසීල් නම් සැකකරු 2019.04.03 දින බොරැල්ල කම්කරු විනිශ්චය අධිකාරිය වෙත ඉදිරිපත් කර ඇති අතර, රු.50,000.00ක ශරීර ඇප මත මුදාහැර ඇත. එසේම සෑම සතියේ දිනකම බ්‍රහස්පතින්දා දින උදෑසන 9.00-12.00 අතර කාලයේ විශේෂ විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස නියෝග කළ අතර, නැවත කැදවීම 2019.05.10 දිනට කල් තබන ලදී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435