ශ්‍රී ලංකාව 3A අවදියට ඇවිත්

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියට පිවිස තිබේ.

එහි හතරවැනි අවදිය වන්නේ ගම්මානයකින් රෝගීන් කිහිප දෙනකු වාර්තා වීම බැව් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමුවී අදට (අප්‍රේල් 02) මාස දෙකකුත් දින පහකි.

එම කාලය තුළ රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ අතර ඊයේ සිදුවූ මරණයත් සමගින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ඊයේ දිනයේ මත්තේගොඩ ප්‍රදේශයෙන් තවත් සැක සහිත මරණයක් වාර්තා වූ අතර එය කොව්ඩ් 19 රෝගය නිසා සිදුවූ මරණයක්දැයි මෙතෙක් තහවුරු වී නොමැති වුවත් ප්‍රදේශය කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බවත්, එහි ලක්ෂණය වන්නේ එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීම බවත් වෛද්‍ය නිලධාරීන් පෙන්වාදෙයි.

ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම 3 B ලෙස හැඳින් වෙයි.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදියේදී දැකි හැකි වෙනු බවත්, මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවත්ය.

සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් වන බව වෛද්‍ය හරිත අලුත්ගේ අවධාරණය කරයි.

නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප්‍රේල් මස 4 වන සතිය වන විට උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවත්,
එහිදී ආසාදිතයින් සමඟ ගැටුණු සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවත්, රෝගීන් හැකිතාක් හඳුනා ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ, තකේෂී කසායි මහතා මෙසේ පවසා තිබුණි.

“කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර සොයාගැනීමට පැය විසි හතර පුරාම අඛණ්ඩව කැපවෙන පුද්ගලයින් ඉන්නවා. ඒත් මෙම වෛරසය මේ සතිය හෝ ලබන මාසයේදී තුරන් වේවි කියලා අපේක්ෂාකරන්න බැහැ.
ගෝලීය වසංගත තත්ත්වය පවතින තුරු අවදානම පහව යන්නේ නැහැ. කෙසේ වෙතත් දැනට අනුගමනය කරන ආරක්ෂක ක්‍රම වේද මගින් ඉදිරි අවදානමකට මුහුණදෙන්න තරම් කාලය අපට ලැබේවි.”

පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435