1000කට අධික ලාංකිකයින් පිරිසකට විදේශයේ සිට මෙරටට එන්න වරම්

ඊයේ දිනය තුළ විදේශයේ සිට ලාංකිකයින් 1000කට අධික ප්‍රමාණයක්ල් දිවයිනට පැමිණීමට නියමිතව තිබූ බවට වාර්තා වේ.

]ඒ අනුව ඊයේ (09) අලුයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 420ක් රැගත් එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

ඊට අමතරව අලුයම් කාලයේ කටාර්හි දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර් 668 දරන ගුවන් යානයෙන් කටාරයේ රැඳී සිටි ලාංකිකයින් 43ක් දිවයිනට පැමිණ තිබෙන අතර ඉන් 27 ලාංකිකයින් හා ඉතිරි 16 දෙනා මෙරට සේවය කරන විදේශීය තානාපති නිලධාරීන් වේ.

එමෙන්ම, තවත් ලාංකිකයින් 736ක් ඊයේ දිනයේ කටුනායක හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රටවල් 04ක සිට පැමිණ තිබූ අතර අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 422ක් හා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට තවත් ලාංකිකයින් 290ක් පස්වරුවේ මත්තල ගුවන්තොටුපළට පැමිණිමට නියමිතව තිබූ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435