1000 වෙනුවෙන් අරගලය පෙරට!

වතු කම්කරු ජනතාගේ මූලික දෛනික වැටුප රු.1000ක් විය යුතු බවට වන ඉල්ලීම රැගත් 1000 ව්‍යාපාරය විසින් සංවිධානය කළ “රට පටවන තේ – අපට ඉතුරු දේ- 1000 අරගලයේ හෙට දවස“ යන මැයෙන් පැවැත්වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් ඊයේ (18) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර යේදී පැවැත්විණි.

එහිදී ‘සමාගම් පාඩුද? 1000 දෙන්න බැරිද? යන මැයෙන් චින්තක රාජපක්ෂද, ‘පීඩාකාරී සාමූහික ගිවිසුම්‘ යන මැයෙන් චතුර සමරසිංහද, ‘1000 දිනාගැනීමේ දේශපාලන අභියෝග‘ යන මැයෙන් දුමින්ද නාගමුවද, ‘1000 අරගලයේ හෙට දවස‘ යන මැයෙන් කේ.රාජා දා අදහස් දැක්වූහ.

සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වතු කම්කරු ජනයා මෙන්ම පොදු ජන තරුණ පිරිස් නියෝජනය කරමින් සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435