2018 අවසානයේ කටාර් ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩිවෙන ලකුණු

මෙරට ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන විගමණික ශ්‍රමිකයින්ගේ වැඩි දෙනෙක් මැදපෙරදිග සේවය කරන අතරම ඉන් වැඩි තරුණ පිරිසක් කටාර් රාජ්‍යයේ සේවය කරනු ලබයි.

ඒ සියළු දෙනාටම 2018 වසර අවසානයේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් සුබ ආරංචියක් මේ.

2018 වසර අවසානය වනවිට කටාරයේ සේවය කරන ශ්‍රමිකයින්ගේ අවම වැටුප ඉහළ නැන්විය හැකි බවත් ඒ සඳහා සූදානමක් පවතින බවත් කටාර් රජය විසින් අනාවැකි පලකර තිබෙන බව කටාර් පුවත් සේවා වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්යන්තර වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ෂැරන් බාරෝව් පෙන්වා දී ඇත්තේ “වසර අවසානය වනවිට නව අවම වැටුපක් තීරණය කිරීමට බලාපොරොත්තුවෙන බවත් එය කටාරයේ ශ්‍රමිකයින්ට ආරංචියක්වන බවයි”.

අවම වැටුප් ඉහළ නැන්වීමත් සමඟම සේවකයින්ට නොමිලේ හිමිවෙන නවාතැන් පහසුකම්, සෞඛ්‍ය රක්ෂණාවරන හා නොමිලේ ආහාරපාන හිමිකරදීම් ඇතුළුව යහපත් සේවා පරිසරයක් ගොඩ නැඟීමද මූලික අරමුණු වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මම කාටර් එකට අවේ 2006 රැකියාවට බලන්න දැන් 2018 තවම ආරම්භ වැටුප් 2006 ගෙවපු ගාන තමා අවුරුදු කියක් ගෙවිලාද තවම වැටුප් වැඩි කරලා නැ වරින්වර මේ වගේ දේවල් කියනවා කෝ වැටුප් වැඩි උනාද.

    (2)(0)



    2



    1

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435