
වර්තමානය වන විට කොරියාව තුළ ශ්රී ලාංකික ශ්රමිකයින් විශාල ප්රමාණයක් සේවයේ නිරත වන අතර බොහෝ ලාංකිකයින් කොරියානු රැකියා සහහා ඉල්ලුම් කිරීමේ වැඩි ප්රවණතාවයක්ද පවතී.
මේ වනවිටත් කොරියානු භාෂා පරීක්ෂණය හා කුසලතා පරීක්ෂණය සමත්ව කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන විශාල ලාංකිකයින් ප්රමාණයක් සිටින අතර මේ සුබ ආරංචිය දැනට කොරියාවේ සේවය කරන හා ඉදිරි කාලයේ කොරියාවේ සේවයට යන අයට අතිශය ප්රීතියට කාරණයක් වෙනු ඇත.
2005 රැකියා අවසරපත් ක්රමය සමාරම්භක අවධියේ වොන් 650000 ක අගයක් ගත් කොරියාවේ අවම මාසික වැටුප පසගිය දශකය තුළ සීඝ්ර ලෙස ඉහළ අගයක් දක්වා වර්ධනය වී තිබෙන අතර මෙතෙක් කොරියානු ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම 2018 වසරේ 16.4%ක් ලෙස වාර්තා අතරට එක්වී තිබේ.
ඒ අනුව 2019 වසරේදී වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මේ වනවිට නිවේදන නිකුත්වී තිබෙන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 10.9% වැටුප් වර්ධනයක් බවයි වාර්තා වෙන්නේ.
වැඩබිම
වැඩබිම