2020 කොරියානු රැකියා අපේක්ෂකයින්ට කාර්යාශංයෙන් නොමිලේ ලැබෙන අවස්ථාවක්!

2020 වර්ෂයට කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින් හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශංයෙන් වැදගත් නිවේදනයක් නිකුත්කොට තිබේ.

එම නිවේදනයට කොරියා රැකියා බලපත්‍ර ක්‍රමය හා කොරියානු රැකියා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව 2020 වසර සඳහා අදාල කාලසටහන නිකුත්කොට ඇත.

මෙම වැඩසටහන් මාලාව රැකියා බලපත්‍ර ක්‍රමයට අනුබද්ධිත, ලකුණු ලබා දීමේ ක්‍රමවේදය (Point System) මත පැවැත්වෙන කොරියානු භාෂා විභාගය සහ විශේෂ විභාගය අරමුණුකර ගනිමින් කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශංයේ සහයෝගීත්වයෙන්, ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබයි.

පහතින් දැක්වෙන නිවේදයේ අදාල වැඩමුළු මාලව, දිනයන්, පැවැත්වෙන වේලාවන් හා ස්ථාන සම්බන්ධයෙන් විස්තරාත්මකව දක්වා ඇත.

ඔබත් 2020 වසරේ කොරියාවේ රැකියාව සඳහා විදේශගතවීමට අපේක්ෂා කරන අයෙක් නම් මේ ලබා දෙන අවස්ථාව මඟහැරගන්න එපා..

සම්පූර්ණ විස්තරය සඳහා මෙතනින් පිවිසෙන්න….

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435