සංවිධානය වීම හා වෘත්තිය සමිති

හෝටල් සේවක අත්වැල අවසාන කොටස
සංවිධානය වීම

සංවිධානය වීම යන පදය කෙටියෙන් ගත් කළ අදහස් වන්නේ සේවක සේවිකාවන් හට එකාවන් ලෙස කටයුතු කිරිමට ඇති හැකියාවයි. මෙලෙස සංවිධානය වීමට සේවක සේවිකාවන්ට හිමි අයිතිය මූලික හා අහිමි කළ නොහැකි අයිතියකි. මෙය අප රටේ ආණ්ඩුක්රකම ව්යවවස්ථාව තුළින් ද විවිධ අණපනත් හා ලෝක කම්කරු සංවිධානයේ සම්මුතීන් මගින්ද තහවුරු කොට තිඛෙනවා.

ප්‍රයෝගික වශයෙන් ගත් කළ ව්යහවහාරයේදී අප මෙම අයිතිවාසිකම් අද හඳුන්වන්නේ වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමට හා තමන් කැමති වෘත්තිය සමිතියකට බැඳීමට සේවකයෙකුට ඇති අයිතිය ලෙසයි. අපේ රටේ වෘත්තීය සමිති දහස් ගණනක් තිඛෙනවා. ඒ සියල්ලක්ම පාහේ නියෝජනය කරන්නේ වැඩ කරන ජනතාවයි. කොහොම නමුත් වෘත්තිය සමිති අතරත් යම් යම් වෙනස්කම් දක්නට ලැඛෙනවා. කෙසේ නමුත් දේශපාලන අරමුණු වලින් තොර ස්වාධීන වෘත්තීය සමිතියකට සිය සාමාජික සේවක සේවිකාවන් වෙනුවෙන් වඩා හොඳ සේවාවක් ඉටු කරන්න පුළුවන්. හොඳ වෘත්තිය සමිතියකට සැබෑ ලෙසම සාමාජිකයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී හිටින්න හා ඒවා ඉටු කරලීමට කටයුතු කරන්න පුළුවන්.

එතුළින් සේවා ස්ථානය තුළ ඇති ගැටලූ නිරාකරණයටත්, තෘප්තිමත් සේවක පිරිසක් ගොඩ නගා ගන්නත් පුළුවන්කම ලැඛෙනවා. වෘත්තිය සමිතියක් හරහා මේ කියන ගැටලූ නිරාකරණය වෙනවා කියන කාරණා ගැන බොහෝ දෙනෙකු අතර දුර්මත හා නානා ප්රයකාර මතිමතාන්තර තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.

පොඩ්ඩකට අපි මෙහෙම හිතමු. යම් සේවාස්ථානයක සේවක පිරිස හා පාලක පිරිස අතර පරතරයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතැන නොයෙක් ආකාරයේ ගැටලූ මතු වෙන්න හොඳටම ඉඩ තියෙනවා. එහෙම අවස්ථාවකදී සේවාස්ථානයේ කටයුතු වලට සේවක පිරිසගේ සහයෝගය ලබාගන්නට ඕන වුණාම මේ සේව්යව සේවක පරතරය නිසා බලහත්කාරය නැත්නම් දරදඬු නීතිරීති පනවන්න සිදුවෙනවා. මෙහෙම වුණාම සේවකයින් වැඩ කරන්නේ හිතේ සතුටකින් නෙවෙයි. රැකියාව බේරගන්න එහෙමත් නැත්නම් තියෙන බය නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ කරන රස්සාව ගැන සේවකයින් තුළ කිසිම තෘප්තියක් නැහැ කියන එකයි. මෙහෙම තත්ත්වයක් යටතේ සතුටුදායක සේවා තත්ත්වයක් හෝ ඉලක්කයක් සපුරාගන්න හරිම අමාරුයි. ඒ වගේම හාම්පුතුන්ට පොඩි අමාරුවක් වුණාම ඒ අවස්ථාවන්හිදී නම්යඉශීලීව කටයුතු කළ යුතුයි කියල සේවකයින්ට හිතෙන්නෙත් නැහැ. මන්ද ඒ අය සේවකයින්ව පාලනය කරල තියෙන්නෙ බලහත්කාරය උපයෝගී කරගෙන.

අනෙක් අතට යම් සේවාස්ථානයක සේවකයින් හා පාලකයින් අතර ඇති පරතරය අඩු නම් ඒ කියන්නේ සේවකයින්ට කාටවත් බාල්දු නොවී තමන්ගෙ ආත්ම ගරුත්වය රැකෙන ආකාරයට පාලකයන් ඉදිරියේ තමන්ගේ ආරාවුල් හා ගැටළු බේරා ගැනීමට හැකි තත්ත්වයක් හෝ වාතාවරණ්යික් තිබේ නම් එවැනි සේවා ස්ථානවල ගැටුම්කාරී තත්වයන් ඇතිවීම බොහෝ දුරට අවම වෙනවා. මෙලෙස ගැටුම්කාරී තත්වයන් අවම වීමට නම් සේවකයන්ගේ සැබෑ ගැටලූ හා ඔවුන්ගේ උවමනාවන් සාධාරණ හා යුක්ති සහගතව මතු කළ යුතු වෙනවා. ඒ වාගේම ඒ කාරණාවන් හා සේවාස්ථානයේ ක්රිධයාකාරිත්වය, ලාභදායිත්වය වගේ දේවල් අතරත් මනා සමතුලිත බවක් ඇති කරගත යුතු වෙනවා. මේ සියල්ල කරන්න පුළුවන් හොඳම විකල්පයක් තමයි සේවකයින්ගෙ න්ම සැදුම්ලත් සැබෑ වෘත්තිය සමිතියක් තිබීම. එවිට එම සමිතියට ඉහත කාරණා සලකා බැලීමටත් නැවත ඒ පිළිබඳව සිය සහෝදර සාමාජික සේවක සේවිකාවන් සමග සාකච්ඡා කිරීමටත් ඒ තුළින් සියළුම සේවකයින්ගේ මතය සමානව හාම්පුතුන් ඉදිරියේ නියෝජනයක් ලැබීමටත් අවස්ථාව උදා වෙනවා. මේ ආකාරයට සේවක ප්රගශ්න වලට අයිතිවාසිකම්වලට යම් ක්රලමානුකූල හා විධිමත් නියෝජනයක් ලැබීම තුළින් බොහෝ ගැටුම්කාරී තත්ත්වයන් හා ආරවුල් මගහැරීමට හැකි වෙනවා. අවශ්යහ වුනොත් කම්කරු දෙපාර්තමේන්තුවට ගැටළු ඉදිරිපත් කිරීම වැනි සාමකාමී නිත්යාානුකූල කටයුතුත් කළ හැකි වෙනවා. මෙලෙස කටයුතු කිරීමෙන් සේවකයින්ගේ අයිතිවාසිකම්, වරප්රබසාද හා අනෙකුත් පහසුකම් වගේ දේවල් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ සේවකයින්ගේ අනාගතයට සුරක්ෂිත භාවයක් ඇති වෙනවා කියන එකයි. එනම්, තමුන්ගේ පෞද්ගලික සිතුම් පැතුම් කරා ළගා වීමට අවශ්යත දොර විවෘත වීමයි. මෙහෙම වුණාම සේවකයින්ට හිතේ බරකින් තොරව රැකියාවේ නිරත වෙන්නට පුළුවන්කම ලැඛෙනවා. එමගින් කර්මාන්ත ශාලාවේ ප්රසශ්න නිරවුල්වීම හේතුවෙන් ව්යාේපාරයත් දියුණු වී ලාභ ඉපයීම වඩා පහසු වෙනවා. එවිට සේවකයින්ට වැඩි වරප්රේසාද වැඩි පඩි වගේ පහසුකම් ලබාගන්නත් රැකියාවට ස්ථාවරත්වයක් ලබාගන්නත් පහසු වෙනවා.

වෘත්තිය සමිතියක් යනු කුමක්ද? එය ක්රිසයාත්මක වන්නේ කෙසේද?

පොදුවේ ගත් කළ වෘත්තිය සමිතියක් ලෙස අදහස් කරන්නේ තම සාමාජික සේවකයින්ගේ පොදු අභිවෘද්ධිය උදෙසා පොදු අරමුණකින් යුක්තව සේවකයින් විසින් පිහිටුවා ගනු ලබන වෘත්තිය සංවිධානයකි. කෙසේ නමුත් වෘත්තිය සමිතිවල ක්රිසයාකාරිත්වයට අදාළව බලපාන නීතියක් අප රටේ තිඛෙනවා. එය 1935 අංක 14 දරන වෘත්තිය සමිති ආඥා පනත ලෙස හැඳින්වෙනවා.

වෘත්තීය සමිතියක් යනු අප රටේ නීත්යාවනුකූල පිළිගැනීමක් ඇති ආයතනයකි. එකී වෘත්තිය සමිතිවලට බැඳීමට හා වෘත්තිය සමිති ආරම්භ කිරීමට සෑම සේවකයකුට හා වෘත්තිය සමිති ආරම්භ කිරීමට සෑම සේවකයකුටම නීත්යා්නුකූල අයිතියක් තිඛෙනවා. මෙලෙස වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමෙන් එසේත් නැත්නම් සාර්ථක වෘත්තිය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමෙන් තමන්ගේ සේවා නියුක්තියට අදාළ ගැටලූ නිරාකරණය කිරීමටත් ආත්මගරුත්වයෙන් යුතුව රැකියාවේ නිරත වීමටත් හැකියාව ලැඛෙනවා. වෘත්තිය සමිතියකට බැඳී කටයුතු කිරීමේ අයිතිය 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් සංශෝධන පනතෙන් නීතිගත කර තිඛෙනවා.

වෘත්තීය සමිති වල පැවැත්මට අදාළ නෛතික ප්‍රතිපාදන මොනවාද?

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  3 වන පරිච්ඡේදයේ සඳහන්ව ඇති මූලික අයිතිවාසිකම් සමූහයට වෘත්තීය සමිති නිදහස ද ඇතුළත් කොට තිඛෙනවා. එහි සඳහන්ව තිඛෙන්නේ මෙන්න මෙහෙමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය

‘සෑම පුරවැසියෙකුටම සමාගමයේ නිදහසට, වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තිය සමිති වලට බැඳීමේ නිදහසට හිමිකම් ඇත්තේය’

එලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියට අනුව

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියළු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය. තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්රසමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමිකිරීම නොකළ යුත්තේය’

යන ආකාරයට යනු කුමක්ද යන්න එහි දෙවන වගන්තියෙන් පහත දැක්වෙන ලෙස නිර්වචනය කර තිඛෙනවා.

පහත දැක්වෙන කරුණු එකක් හෝ වැඩි ගණනක් එහි අරමුණු වශයෙන් ඇති තාවකාලික හෝ ස්ථීර ඕනෑම කම්කරු හෝ සේවක සමිතියක් හෝ එකමුතුවක් වෘත්තිය සමිතියක් බව ආඥා පනතේ දෙවන වගන්තිය නිර්වචනය කෙරෙනවා.

  • සේවකයන් හා සේවායෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර හෝ සේවායෝජකයන් හා සේවායෝජකයන් අතර හෝ සම්බන්ධතා විධිමත් කිරීම
  • යම්කිසි වෘත්තියක හෝ ව්යාීපාරයක ක්රිහයාකලාපය කෙරෙහි සීමාකාරී කොන්දේසි පැනවීම
  • වෘත්තිය ආරවුලට සම්බන්ධ සේවකයින් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම ඕනෑම වෘත්තියක හෝ කර්මාන්තයක වැඩ වර්ජන හෝ පිටලෑම් ඇති කිරීම හෝ සංවිධානය කිරීම හෝ වැඩ වර්ජනයක් හෝ පිටලෑමක් පවත්නා අවස්ථාවේදී එහි සාමාජිකයන්ට පඩි හෝ අනෙකුත් ප්රමතිලාභ සැපයීම

ඉහතින් දක්වා ඇති සියලූම අයිතිවාසිකම් ශ්රීා ලංකාවේ ඕනෑම තැනක සේවය කරන (පොලිසිය, ත්රිරවිධ හමුදාව හා රාජ්යස සේවයේ ඇතැම් අංශ හැර) ඕනෑම සේවකයෙකුට කිසිම වෙනස්කමකින් හෝ බාධාවකින් තොරව අදාළ වේ.

මෙම අයිතිය සියලු සේවකයින්ට හට ස්ථීර ලෙසම තහවුරු කරනු වස්, ඒ සඳහා ම වූ විශේෂ සංශෝධනයක් කාර්මික ආරවුල් පනතට වර්ෂ 1999 අග භාගයේදී පාර්ලිමේන්තුවට ගෙන විත් සම්මත කරගනු ලැබිණ. මෙය 1999 අංක 56 දරන කාර්මික ආරවුල් පනත් සංශෝධනය ලෙස හැඳින්වෙන අතර එහි සුවිශේෂතම අංගය වනුයේ හාම්පුතුන් විසින් වෘත්තීය සමිති පිළිගැනීම අනිවාර්ය කිරීම සහ සේවායෝජකයින්ට, වෘත්තීය සමිති නියෝජිතයින් හා සාකච්ඡා කිරිම අනිවාර්ය කොට තිබීමයි.
මෙලෙස වෘත්තීය සමිති පිළිගැනීම ලබාගැනීම සඳහා අවශ්යන වන එකමඅවශ්‍යතාවය වනුයේ අදාළ වැඩපොලේ මුළු සේවක සංඛ්යාබවෙන් අවම වශයෙන් 40%කවත් සාමාජිකත්වයක් යම් වෘත්තිය සමිතියකට තිබීම පම‚. මෙම ප්‍රතිපාදන හෝටල් ක්ෂේත්රයයටත් අදාළ වන අතර, දැනටමත් සමහර හෝටල් සේවකයන් මෙම ප්රීතිපාදනයන්හි ඵල ප්රබයෝජන ලබාගැනීමට කටයුතු ආරම්භ කොට තිඛෙනවා.

වැඩබිම

මේ හා සබැඳි වෙනත් ලිපි :
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435