හීන එකිනෙක හැබෑ කළ ඈ .. ගලක් ගහලා මරලා දැම්මා ….

ඉරුව ලේ
කිරි වලට
හරවා ..
පොවා..
හනිකට
ලිප
මෙලෙව්වා ..
බතුත් පොල් සම්බෝල
එක්කම ..
බත් පතත්
කෙහෙල්
කොළේ එතුවා ..
ඉඹලා නළලත
පුතුගේ ආදර
කඳුළු
පුරවා බලා උන්නා
අම්මා ආදර
නුඹයි
හිරු මට ..
බුදුන් ලඟටම
අම්මා තිබ්බා …
කර දඬුත්
උස මහත එක්කම
ඕනිකම්
එකී නෙකින්
වැඩි වී ..
ඒවා සරිකර ගන්න
හනිකට
අම්මා උණු වැලි
කතරේ දියවී ..
නිමක් නැති
දින ගනන්
අස්සේ
දිය කරලා
ඇගේ
කඳුළු මස් ලේ …
කුසට අහරක්
නෙතට නින්දක්
නැතිව
අම්මා
දරුවන්නට
පේවී …
සියුමැලිම අත් වල
පුරාවට
දුකට කරගැටත්
පිපිලා ..
අපේ කඳුලටත්
උතුරන
ඇගේ
ඇස් පොකුණු වියළා ..
අපි රකිනන්ට
ඇගේ ජිවය
වැලිකතරකට
උගස් තිබ්බා ….
සියළු මිනිසුන්
සුසාධිත නැති
ලොවක
ගැරහුම් ඇයම වින්ඳා…
හීන එකිනෙක
හැබෑ කළ
ඈ ..
ගලක්
ගහලා
මරලා දැම්මා …………….

පබැදුම – රසික ලංකා හේමචන්ද්‍ර

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435