කටාර් නව නීතියෙන් ශ්‍රමිකයින්ට නිදහස් රැකියාවකට හිමිකම්

කටාර් නව කම්කරු නීතිය මඟින් විදේශීය ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සේවා නිදහස තහවුරු කරනු ලබයි.

මෙම නව නීතිය ක්‍රියාත්මක වීමේදී විදේශික ශ්‍රමිකයින් කටාර් වෙත සේවයට පැමිණීම ,පිටවීම හා පදිංචිය යන සාධක පාලනය කරන අතර එමඟින් විශාල සාර්ථකත්වයක් ලඟා වෙනු ඇතැයි කටාර්හි කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය සදහන් කර ඇති බව “කටාර් ඩේ” (Qatar Day) වෙබ් අඩවිය ප්‍රකාශ කරනු ලබයි.

කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යංශය පෙන්වා දෙන පරිදි මෙම නව නීතිය මෙම මස එනම් දෙසැම්බර් මස 13 වෙනි දින සිට ක්‍රියාත්මක වන අතර එමඟින් මිලියන 2.1 ක වැටුප් ලබන ශ්‍රම බලකායට තෘප්තිමත් වැටුපක්, සේවා නිදහස හා ආරක්ෂාවක් පිරිනැමීමට කටයුතු කර ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.

මෙම නව නීතියේ සිදුවන වෙනස්කම් ගත් කළ විදේශික ශ්‍රමිකයින්ගේ රැකියා වෙනස් කිරීම සදහා වන නීති රීති මෙන්ම පිටවීමේ බලපත්‍ර සදහා අයදුම් කිරීම යන ආදියේ සංවර්ධනාත්මක වෙනස්වීම් සිදුව ඇති අතර අඩු ආදායම් ලබන ශ්‍රමිකයින්ගේ ශ්‍රම සූරා කෑම වැළැක්වීම සදහා නව රෙගුලාසි ඇතුළත් කර ඇති බව කටාර් ට්‍රිබියුම් (Qatar Tribune) වාර්තා කරයි.

කටාර්හි පෙර භාවිත කළ කෆාලා පද්ධතිය(Kafala System) මෙම නව නීතිය යටතේ අහෝසිකර තිබෙන අතර ඒ වෙනුවෙන් නවීකරණය කරන ලද කොන්ත්‍රාත් පදනම් වූ පද්ධතියක් ඇතිකිරීමට කටයුතු කර තිබේ.

එසේම නව නීති විධිවිධාන යටතේ ගමන් කිරීමේ නිදහස පැහැදිලි ලෙස සනාතකර ඇති අතර එහිදී, නිවාඩු ලබාගෙන හෝ හදිසි අවස්ථාවකදී සේවායෝජකයින්ට දැනුම් දීමෙන් අනතුරුව රට හැර යාමේ අයිතිය සහතික කරයි. සේවා ගිවිසුම් කාලය ඉකුත්වීමට පෙර හෝ පසු ශ්‍රමිකයින්ට රට හැර යාමට හැකියාව ලබා දී ඇත.

එවැනි අවස්ථා වලදී නිවාඩු සේවායෝජකයා විසින් ප්‍රතික්ෂේප කරන ලද විටක ශ්‍රමිකයෙකුට දින තුනක කාලයක් ඇතුළත පිටවීමේ අවසරය දුක්ගැනිවිලි කමිටුවට අභියාචනාවක් ඉදිරිපත්කළ හැකිය.

විවෘත්ත අන්තයක් සහිත ගිවිසුමක් පවතින වසර 05ක සේවාකාලය සම්පූර්ණ කරන ශ්‍රමිකයෙකුට ඔවුන්ගේ දැනට පවතින සේවායෝජකයාගේ අවසරයකින් තොරව රැකියාව වෙනස් කිරීමට හැකියාව ඇත.

කටාර්හි වාණිජ මණ්ඩලය විසින් සාමාජිකයින්ගේ සිට ව්‍යාපාරික ප්‍රජාව දක්වා කටාර්හි තානාපති කාර්යාල ඔස්සේ හා ශ්‍රමික කටයුතු භාරව ඇති නියෝජිතයින් මඟින් ශ්‍රමික ප්‍රජාව, පෞද්ගලික සමාගම් කම්කරුවන් උදෙසා වැඩසටහන් හා වැඩමුළු හරහා දැනුවත් කිරීම් ආදියද සිදු‍කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435