කටුක ජීවිතේ යථාර්තය…

විඩාව නිවිලා හවස් යාමයේ
දවසක් ගෙවිලා නිහඬ ජීවිතේ
දඩාවතේ යන හීන සිතිවිලි
සුවඳ දැනෙනවා යනෙන මාවතේ…

හිරු එළියෙන් ඇරඹෙන ජීවිත
දුම් වලාවකින් විසිරුන අරුමය
කණාමැදිරි එළි තනි රකිනා කල
සුවඳ දැනෙනවා යනෙන මාවතේ….

විසිරුන කඩමළු ගතෙහි පැටලිලා
බැරිබර දහසක් කරමත තබලා
වේලුනු ගත මත දහදිය වැදිලා
ජීවිතේ යන්නේ දුමකින් වැසිලා…

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435