UAE රාජ්‍යයට කාලගුණයෙන් රතු එළි – ප්‍රවේශම්වෙන ලෙස නිවේදනයක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යට (UAE) මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු හැඟවීමක් කර තිබේ.

එම නිවේදනයට අනුව ඉදිරි දින කිහිපයක් යනතෙක් අධික වර්ෂාව ඇද හැලෙන බවත් සුළඟ පැයට කිලෝමීටර් 40ක් හෝ ඊට වැඩි වේගයකින් ප්‍රචණ්ඩව රට අභ්‍යන්තරයට හමා එන බවත් දන්වා ඇත.

විශේෂයෙන් මුහුදු ජල මට්ටම සැලකියයුතු ලෙස ඉහළයාමක්ද සිදුවිය හැකි අතර එය අඟල් 6-7 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුදු සීමාවෙන් ඈත්වී සිටින ලෙසත්, මුහුදු ගමන් වලින් වැළකී සිටින ලෙසත් නිවේදනය කර තිබේ.

රිය ධාවනයේදීද මන්දගාමී වේගයක් පවත්වාගෙන යාම වඩා උචිත බව රියදුරන්ට සිහිපත්කර දී තිබෙන අතර වර්ෂාවත් සමඟ මාර්ග ලිස්සන සුළුවීම නිසා රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාවයක්ද පවතින බව කාලගුණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

එමෙන්ම, වර්ෂාවත් සමඟ සවස් කාලයවනවිට ඝණ මිදුම් සමඟ පරිසරයේ දෘෂ්‍යතාවයද අවම විය හැකි බැවින් මාර්ගවල ගමන් කිරීමේදී හා රියධාවනයේදී ප්‍රවේශම්විය යුතු බවයි වැඩිදුරටත් දන්වා ඇතතේ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435