බිහිසුණු අනතුරක්-ආසියාතිකයින් 8ක් මරුට

ඩුබායිහි සිදුවූ බිහිසුණු අනතුරකින් ආසියානු ජාතිකයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පාන්දර 4.54 ට සාජාහ් ප්‍රදේශයට යන ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් මාර්ගයේදී සිදුවූ මෙම අනතුරෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ආසන 14 කින් යුත් කුඩා බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මාරාන්තික තුවාල ලැබූ බස් රථයේ රියදුරු සහ තවත් මගීන් හත් දෙනෙකු අනතුර සිදු වූ ස්ථානයේදීම මිය ගොස් සිටියහ.

බරපතළ තුවාල ලැබූ මගීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෂීඩ් රෝහලට ඇතුළත් කර ඇති බව gdnonline පුවත් උපුටා දක්වයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435