විදේශ් ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් ප්‍රදානය කරන ලදී. 2019 වර්ෂය සඳහා දිවයිනේ පළාත් 8ක දරුවන් 3489 දෙනෙකු සඳහා මෙම මුදල් ප්‍රදානය කර තිබේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 868 දෙනෙකු සඳහා රු 20,000 බැගින් රු.17,360,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 2183ක් සඳහා රු.25,000 බැගින් රු.54,575,000.00 ක්ද, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 438 දෙනෙකු වෙනුවෙන් රු.35,000 බැගින් රු.15,330,000.00 ක මුදලක් කාර්යාංශය විසින් ප්‍රදානය කරන ලදී.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් 1996 වර්ෂයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, එතැන් සිට වාර්ෂිකව මේ දක්වා දරුවන් 44832 දෙනෙකු සඳහා රු. 897,425,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත, සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී.වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයද එක්වී සිටියහ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435