ATG අරගලය කියන්නේ මොකක්ද?

මාස දෙකකට ආසන්න කාලයක සිටි කටුනායක ATG ආයතනය වසා ඇත. ඒ ගැන පුද්ලික අංශයේ අපි මූණ පොතේ ATG අරගලය ගැන සටහනක් තිබෙනවා. එම සටහන “වැඩබිම” පලකිරීම සුදුසුයි කියා අපි හිතනවා. ඒ සඳහා ඔබගේ සහයෝගය ATG අරගලයට ලබාදෙන්න.

(ඔබට හැකිනම් විනාඩියක් අරගෙන මේක කියවන්න.ඔබ ඒ අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටින්න.)

“ATG අරගලය” ලෙස අරගලයක් පවතින බව ඔබ දැක ඇත. විටින් විට ලේ දන්දීමක් නිසා පෞද්ගලික ආයතනයක සිදුවූ ගැටලුකාරී තත්ත්වයක් බව ඔබ දන්නවා ඇත. නමුත් කෙනෙක් මේ පිලිබදව කුමක්ද යැයි විමසූ ප්‍රශ්නයක් නිසා මේ පිලිබද විස්තරයක් කිරීමට සිතුනි….

මිනිසා සමාජ ලෙස දියුණු වූදා සිටම තමන්ගේ නිදහස,අයිතීන් වෙනුවෙන් අරගල කලේය. සමාජය විෂමව ධනපති සහ නිර්ධන ලෙස බෙදුනු විට ධනපතියන් තම පෞද්ගලික බලය,ධනය වැඩිකර ගැනීම උදෙසා නිර්ධනයන්ගේ බලය සූරාකන ලදී.මේ නිසා මිනිස් ඉතිහාසය තුල අරගල ඇතිවුනි. වරක සැගවුනාවූද…, වරක විවෘතවද… මුලුමහත් සමාජයම විප්ලවාදී ලෙස ප්‍රතිනිර්මාණය කලාවූද සටනක් කරගෙන බව මාක්ස් එංගල්ස් කියයි.

ATG අරගලයත් ඉන් එකකි.ඉතිහාසය තුල ඒ අරගල වලින් එකකි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන අරගලයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 14 දරණ වගන්තියට අනුව,සේවකයන්ගේ මූලික අයිතිවාසිකමක් වන වෘත්තීය සමිතියක් ලෙස සංවිධානය වීමත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 87 ,98 සම්මුතීන්ට අනුව තමන් කැමති වෘත්තීය සමිතියක සමාජිකත්වය ලබාගැනීමත්,එවැනි වෘත්තීය සමිතියක සේවකයන් වෙනුවෙන් හාම්පුතා සමග කේවල් ඇතිකරගැනීමත් යන අයිතීන් මේ ATG සිලෝන් ආයතනයේ හාම්පුතුන් විසින් ඔලමොට්ටල විදියට සේවකයන්ට අහිමි කිරමින් අවුරුදු 5 ක් පමණ එක එක ජවුසන් නැටුවෝය.

සරලව කාරනාව කීවොත් ATG හාම්පුතන් කිසිසේත්ම වෘත්තීය සමිතියට කැමති නැත. වසර 5 ක් තිස්සේ ඔවුන් විසින් වෘත්තීය සමිති නායකයන්ට අන්ත බලු විදියට අඩත්තේට්ටම් කරන ලදී.ඒ ගැන පොතක් වුවත් ලිවිය හැකිය. පාතාලෙට සල්ලි දීලා මගතොටදී පහර දීම,සේවක සේවිකාවන්ට කලු තෙල් ගැසීම, බොරු චෝදනා මත වැඩ තහනම් කිරීම,සහෝදරියන්ට නොයෙකුත් ආකාරයට හිංසා පැමිණිවීම, සමිතියෙන් ඉල්ලා අස්වෙන්න බල කිරීම ඒ අතරින් කිහිපයක් පමණි.

නමුත් මේ වෘත්තීය සමිති නායකයින් ඇතුලු සාමාජිකත්වය මේ ගැටලු සියල්ල කම්කරු දෙපාර්තමේන්තුවට,කම්කරු ඇමතිවරයාට, ආයෝජන මණ්ඩලයට,අගමැතිවරයාට මේ ගෙවී ගිය වසර 05 ඇතුලත ලිපි බාර දී ඇතත් ඒ එකක්වත් ඔවුන් පයිසයකට මායිම් කර නැත.

ඒ කිසි තැනකින් විසදුම් නොලැබීම දේශපාලන හයියක් කොට ගෙන ATG හාම්පුතා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරා වෘත්තීය සමිතියට සේවකයින් අකැමැතියි කියල ජනමතයක් තියන්න කියල… ඔන්න ඒකෙනුත් ATG හාම්පුතා පරාදයි.40% ඒකට ගන්න බැරි වෙනවා… සමිතිය දිනුම්…

නමුත් අවුරුද්දකට වැඩි කාලයක් මේ පාහරයා විසින් වෘත්තීය සමිතිය කේවල් කිරීමේ නිල ඒජන්තයා ලෙස පෙනී සිටියේ නෑ… වෙන කරන්නම දෙයක් නැති තැන ATG හාම්පුතා ජනවාරි මාසයේ නිදහස් වෙළද කලාප සහ පොදු සේවක සංගම් ශාඛාවේ සභාපති,සංවිධායක, උප ලේකම් ඇතුලු සාමාජිකයන් 5 දෙනෙක් 2019 ජනවාරි 11 සිට පහ කරන ලදී…කම්කරු දෙපාර්තමේන්තුවට බම්බු ගහගනින් ආකාරයට ගත් එම තීරනය භයානය එකක්‍ ය. කම්කරු ප්‍රඥ්ඥක්තීන් පයිසයකට මායිම් නොකර එක ආයෝජකයෙක්ට එසේ හැසිරීමට ඇති නීතිමය අවකාශය කුමක්ද ? එපමණක් නොව එයට බොරු හේතුවක් ලෙස “ලේ දන්දිමේ වැඩසටහනක් වෘත්තීය සමිති සාමාජිකයින් විසින් සංවිධානය කිරීම” ලෙස ගෙන ඇත. ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සේවයෙන් නෙරපීමට හේතුවක් ලෙස කොට ගන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ ඔලමොට්ටලකම් හමුවේ නොවේද…

මේක හොද තත්ත්වයක් නෙවේ. මෙය පැතිරීමට පටන් ගත් කම්කරු දඩයම යන වෛරසයයි.මුලු නිදහස් වෙළද කලාපය පුරා මේ වෛරසය පැතිර යාමේ පරිසරය නිර්මාණය කරන්නේත් මේ ATG හාම්පුතා..එයා කියනවා “එයා කියනවා මට පුලුවන්නම් අනික් අයටත් බැරි ඇයි කියල” මේ වසලයා කටුනායක නිදහස් වෙළද කලාපයේ අපනයකන නිශ්පාදකයන්ගේ සභාපති.
මේ වෛරසයෙන් බේරෙන්න තියෙන්නෙ එක උත්තේජකයයි… ඒ වෙන මුකුත් නොව “සේවක සහයෝගීතාව”

දැන් දොට්ට දැමූ වෘත්තීය සමිති නායකයින් 05 දෙනා නැවත සේවයට බදවාගැනීමත්,2019 ට වැටුප් වැඩිවිමකුත් ඉල්ලා සේවකයින් වැඩ වර්ජනයක යෙදී සිටිනවා….

ඉතින් ඔබ මොන පක්ශෙක වුවත් මොන මතවාදය දැරුවත් මේ සේවකයින් වෙනුවෙන් ඔබට පෙනි සිටින්න පුලුවන්. එය ඔබ වගකීමක් කොට ගන්න… මේ ධනපතියන් විසින් අපේම පන්තියේ ජනතාව සූරාගෙන කන අසාධාරණ ධනේශ්වර ක්‍රමයේ එක් අසාධාරණයක් පමණි. ඔබට හැකි සෑම තැනකම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න….මේ ලිපිය කියන දිනට අරගලයට දින 52 යි. අරගලයට ජයවේවා..
ස්තූතියි.
කම්කරුවන් වෙනුවෙන් සමාජවාදය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435