ATG ගැටළුව විසඳන ලෙස වෘත්තීය සමිති ජනපතිගෙන් ඉල්ලයි

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඒ.ටී.ජී. සිලෝන් පුද්ගලික සමාගමේ සේවක වැඩ වර්ජනය විසඳා දෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වෘත්තීය සමිති විසින් ඉල්ලීමක් කර ලිපියක් යවා ඇත. එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් දැක්වේ.

2019 පෙබරවාරි මස 07 වන දින.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා

අතිගරු ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

මසකට වැඩි කාලයක් නොවිසඳී තිබෙන කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඒ.ටී.ජී. සිලෝන් පුද්ගලික සමාගමේ සේවක වැඩ වර්ජනය

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඒ.ටී.ජී. සිලෝන් පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් එම සමාගමේ සේවකයින් සාමාජිකත්වය ගෙන ඇති නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගම් ශාඛාවේ සභාපති, සංවිධායක, උප ලේකම් ඇතුළු කි‍්‍රයාකාරීන් 05 දෙනෙකුගේ සේවය 2019 ජනවාරි මස 11 වන දින සිට අවසන් කිරීමට එරෙහිව එම කර්මාන්තශාලාවේ 500 ට ආසන්න සේවක සේවිකාවන් පිරිසක් විසින් ගෙනයනු ලබන වැඩවර්ජනය සමථයකට පත් කිරීමට අදාල බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති තත්ත්වය පිළිබඳව පහත අත්සන් කරන සංවිධානවල අවධානයට යොමු වී ඇත.

එලෙස එම සේවකයින්ගේ සේවය අවසන් කිරීම නීති විරෝධී වන බැවින් එම සේවකයින් නැවත සේවයට ගෙන වැඩ වර්ජනය සමථයකට පත් කරගන්නා ලෙසට කම්කරු දෙපාර්තමේන්තුව කර ඇති ඉල්ලීම ද සමාගම ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර සැබෑ තොරතුරු වසන් කරමින් එම වැඩ වර්ජනය දුර්වල කිරීම සඳහා කොළඹ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබාගෙන ඇති බව අපට දැනගන්නට ලැබී ඇත. සේවය අවසන් කළ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන් යලි සේවයට ගෙන එම වැඩ වර්ජනය සමථයකට පත් කරනවා වෙනුවට එම සේවකයින් 05 දෙනා පමණක් නොව වැඩ වර්ජනය කර ඇති සියළුම සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීමට සමාගම සූදානම් බව ද කම්කරු කොමසාරිස්වරයාට සමාගමේ නියෝජිතයින් ප‍්‍රකාශ කර ඇති බැවින් පැහැදිළිවම පෙනී යන්නේ මෙම සමාගම එම සේවකයින්ගේ සංවිධානය වීමේ අයිතිය යටපත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.

ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංක 14 (1) ඇ වගන්තිය යටතේ අප රටේ සෑම පුරවැසියෙකුටම තමන් කැමති වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබාගැනීමට ඇති අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගෙන තිබිය දී එම මූලික අයිතිය උදුරා ගනිමින් එම සමාගම අනුගමනය කරන පිළිවෙත වළක්වාලීමට මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුව ද අපොහොසත් වී ඇති බැවින් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය  යටතේ කි‍්‍රයාත්මක වන මෙම සමාගමේ මෙකී දරදඞු කි‍්‍රයාකලාපය සම්බන්‍ධයෙන් ඔබගේ ක්‍ෂණික අවධානය යොමු කර ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ නිසි බලධාරියා ලෙස ඔබට පැවරී ඇති බලතල අනුව සේවයෙන් පහ කළ එම එම සේවකයින් 05 දෙනා යලි සේවයට ගන්නා ලෙස නියෝග කරමින් මෙම වැඩ වර්ජනය සමථයකට පත් කරලීමට කටයුතු කරන ලෙස පහත අත්සන් කරන සංවිධාන ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435