CMU 90 වෙනි සංවත්සරය සමරයි

ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමයට  (CMU) වසර 90ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සාංවත්සරික වැඩසටහනක් පසුගියදා (25) CMU මුලස්ථානයේදී පැවැත්විණි. දිවයින පුරා වැඩබිම්වල විසිර පවතින CMU වෘත්තීය සමිති වල සාමාජික සාමාජිකාවන් විශාල ප්‍රමාණයක් සහ CMU සමග සම්බන්ධව ක්‍රියා කරන වෘත්තීය සමිති බොහෝ ප්‍රමාණයක්ද මේ සඳහා සහභාගී විය.  සංවත්සරය නිමිතිකොටගෙන “1928 – 2018 සී.එම්.යූ 90 වසරක ජනතා මෙහෙවරෙන් බිඳක්” නමින් කෘතියක්ද එළිදැක්වූ අතර වැඩසටහන පුරාවටම CMU වෘත්තීය සමිති නියෝජනය කරමින්  සංස්කෘතිකාංගද ඉදිරිපත් කරන ලදී.

1928 මාර්තු 18 දින වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලංකාවේ 14 වන වෘත්තීය සමිතිය ලෙස ලියාපදිංචි CMU හි මෙතෙක් ආ සටන්කාමී ගමන් මග හා ඉදිරි අරගලයන්ට මුලිකත්වය ගන්න ආකාරය පිලිබඳ එම වෘත්තීය සමිතියේ නියෝජිතයින් විසින් විවිධ අදහස් පල කරන ලදී. ඒ අතර ඊ. ගුණසිංහ හා විශේෂයෙන් බාලා තම්පෝ ගේ  නිර්භය සටන් ක්‍රියාමාර්ගයන් සහ කම්කරු අරගල පිළිබඳ වැඩිදුරටත් අදහස් හා කතාබහට ලක්විය.

තවද මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ CMU ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි විසින් අදහස් කිහිපයක් දක්වන ලදී. “මේ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය අනුව කම්කරු පන්තියට සිදු කරන ප්‍රබල අසාධාරණකම් වලට විරුධව වෘත්තීය සමිති ඒකාබද්ධව එක පෙරමුණකින් මුහුණදිය යුතු වෙනවා. තවද ඔහු වැඩි දුරටත් කියා සිටියේ මේ මොහොතේ තිබෙන ඒකාධිපති වියරුව, ඒකාධිපති ව්‍යවස්ථාව, ජනාධිපති ධූරය පිළිබඳ කම්කරු පන්තිය පැත්තේ සිට කළ යුතු  ක්‍රියාමාර්ග රැසක් පවතින බවයි.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435