COVID 19 – ඉන්දියාවේ දුප්පත්කම නිසා බඩගින්නේ මිය යාමට හැක

කොරෝනා වෛරසය පැතිරියාමත් සමග ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමේ තත්ත්වයක් තුළ දෛනිකව වැටුප් උපයන්නන් දැඩි ආහාර අර්බුදයට ලක්ව ඇති බව බිබිසි වාර්තාවක් උපුටා දක්වයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ දුප්පතුන් කොරෝනා වෛරසය තමන්ට බෝවීමට පෙර බඩගින්නේ මියයාමට සිදුවන ඇති බවය.

ඉන්දියාව විසින් මේ වන විට කොරෝනා වෛරසය වැළඳුණු රොගීන් ප්‍රමාණය 500කට ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණය මියගොස් ගොස් ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් පීඩාවට පත් දෛනික වැටුප් ලබන්නන් සඳහා උපකාර කිරීමට පොරොන්දු වී සිටියත්, ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් 90% ක් පමණ අවිධිමත් අංශයේ සේවයේ යොදවා ඇති බැවින් එම උපකාර කිරීම කෙතරම් සාර්ථක වීදැයි ප්‍රශ්ණයක් බවයි.

ඉන්දියාවේ සංචාරක කර්මාන්තයෙන් මුදල් උපයන ස්ථාන සම්පූර්ණයෙන්ම වසා ඇති අතර එහි දෛනික ආදායම්ලාභින්, ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළු සියළු ව්‍යාපාර කඩා වැටී ඇත.

ඉන්දියාවේ බොහෝ ශ්‍රමිකයින් විශ්‍රාම වැටුප්, අසනීප නිවාඩු, වැටුප් සහිත නිවාඩු හෝ කිසිදු ආකාරයක රක්ෂණයක් ද නොමැති අතර,  බොහෝ දෙනෙකුට බැංකු ගිණුම් නොමැති අතර ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා මුදල් මත යැපේ.

මේ තත්ත්වයට ඉන්දීය රාජයට මුහුණදීමට හැකි දැයි ප්‍රශ්ණාර්තයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(පින්තූර – බීබීසී වෙබ් අඩවියෙන්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435