COVID 19 – වතු කම්කරුවන් බිහිසුණු අවදානමක

වතු කම්කරුවන් අද (2020.03.24) කඳුකර වතුකරයේ සමහර වතු වල කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැතිව එදිනෙදා තම රාජකාරි වල නිරත වෙයි.

ඔවුන් බොහෝ දෙනෙක් මුහුණු ආවරණයක් පැළඳ නොසිටි අතර අත් සේදීම ඇතුළු සුපුරුදු සනීපාරක්ෂක ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකර තම රැකියාව කරන ආකාරය දැකිය හැකි විය.

තලවාකෙල්, අගරපත්ත සහ දියගම යන ප්‍රදේශවල වතු කම්කරුවන් පවසන්නනේ සමහර වතු පාලකයන් විසින් කම්කරුවන්ට නිවාස ලබා දී තිබුණත්, පාලනාධිකාරිය විසින් කම්කරුවන්ට හට මූලික සෞඛ්‍ය සේවා පහසුකම් ලබා දී නොමැති බවයි.

කොරෝනා වෛරසය බෝවීම වැළැක්වීම සඳහා දැනුවත් කිරීමක් හෝ මෙම වතු කළමනාකරණය සිදුකළ නොමැති අතර, ඒ සඳහා ආරක්ෂක පහසුකම් ද සපයා නොමැත. පොලිසිය හා සෞඛ්‍ය බලධාරින් මාධ්‍යෙයන් කොතරම් අවවාද කර තිබුණත් එදිනෙදා වැඩකටයුතු යෙදීමට තමන්ට සිදුවී ඇති වතු කම්කරුවන් චොදනා කරයි.

විශේෂයෙන් දළු කැඩීම හා වෙනත් වැඩ කටයුතුවල නිරත වූ අය වැඩ නිම වූ පසු දෑත් පිරිසිඳු නොකරම තම ආහාර ගන්නා අයුරු දැකගත හැකි විය.

මේ අතර වතු කම්කරුවන්ගේ වැටුප් හා අත්තිකාරම් මුදල් තවමත් ගෙවා නැත. ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව පවා  භාණ්ඩ මිලදී ගැනීමට විශාල දුෂ්කරතාවන්ට ඔවුන් මුහුණ දීමට සිදුවී ඇත.

කොළඹ ඇතුළු නාගරික තම සේවා ස්ථාන වසා ඇති බැවින් එහි සේවය කළ වතුකරයේ ජනයා විශේෂයෙන්,  වතු තරුණ තරුණියන් මේ වන විට තම නිවසට පැමිණ ඇති බැවින් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිති.

වතු කම්කරුවන් පවසන්නේ කොළඹ හා තදාසන්න නගර වල සිටි පැමිණි තම ඥාති ශ්‍රමිකයින් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්නම් වතු කම්කරුවන්ට බෝවීමේ අවදානම ඉතා ඉහල මට්ටමක පවතින අතර එය වඩා  බිහිසුණු වනු ඇත

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් වතු කම්කරුවන් හට සහන සැලසීම වහාම ආරම්භ කළ යුතු බව ඔවුන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. හැමදෙයක්ම පාලනාධිකාරියෙන් බලාපොරොත්තු වීම අසාධාරණයක් .ජනතාව tv, රේඩියෝ වලිං දැනුවත් විය යුතුයි.ඇරත් වතු හාමුපුතුන් කළ හැකි සියලු දේ කරනවා.ඒත් සමහර සංසාර පුරුදු වෙනස් කරන්න කල් යනව.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435