DO ඇතුළු තනතුරු 06ක් සඳහා සුදුසුකම් ඇති ලාංකිකයින්ගෙන් අයඳුම්පත් කැඳවයි

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම

  1. භෂා පරිවර්තක

වැටුප් පරිමාණය – රු.42,600 – 10 x 755 – 18 x 1135 – 70,580

වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය.

  1. සංවර්ධන නිලධාරී

වැටුප් පරිමාණය – රු.32,200 – 10 x 455 – 11 x 660 – 10 x 730 – 5 x 750 – 54,960

වයස අවුරුදු 22ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

  1. තොරතුරු තාක්ෂණ සහකාර

වැටුප් පරිමාණය – රු.30,310 – 10 x 300 – 7 x 350 – 4 x 600 – 20 x 710 – 52,360

වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය.

  1. පරිගණක යෙදවුම් සහකාර

වැටුප් පරිමාණය – රු.30,310 – 10 x 300 – 7 x 350 – 4 x 600 – 20 x 710 – 52,360

වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 35ට නොවැඩි විය යුතුය

  1. කළමනාකරණ සහකාර

වැටුප් පරිමාණය – රු.27,910 – 10 x 300 – 7 x 350 – 12 x 600 – 12 x 710 – 49,080

වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ට නොවැඩි විය යුතුය

  1. රියදුරු

වැටුප් පරිමාණය – රු.26,290 – 10 x 270 – 10 x 300 – 10 x 330 – 12 x 350 – 39,490

වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි විය යුතුය.

පොදු සුදුසුකම්

  1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම
  2. විශිෂ්ට චරිතයකින් යුක්ත වීම.
  3. ප්‍රමාණවත් ශාරීරික හා මනසික යෝග්‍යතාවයකින් යුක්ත වීම

බඳවා ගැනීමේ ක්‍රමය

රියදුරු තනතුර හැර අනෙකුත් තනතුරු සඳහා ලිඛිත විභාගයක හා/හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගනු ලැබේ.

රියදුරු තනතුර සඳහා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක හා වෘත්තීය ප්‍රවීණතා තහවුරු කර ගැනීමේ පරීක්ෂණයක ප්‍රතිඵල මත බඳවා ගනු ලැබේ.

තමා විසින් සකස් කරන ලද අයදුම්පතක් 2019.06.18 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ ජනරාල්, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, නිපුණතා පියස, 03 වන මහල, 354/2, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435