DO පත්වීම් ගැන යළිත් කරළියට-පොරොන්දුවූ ලෙස පත්වීම් නොදුන්නොත් දැවැන්ත සටනක්

2019 මාර්තු ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් රටපුරා සිටින 57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීම සඳහා මුදල් වෙන් කිරීමට පියවර ගන්නා මෙන් රැකියා විරහිත උපාධිධාරී සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

එම සංගමය පෙන්වාදෙන පරිදි පසුගිය වසරේ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමක් සිදුකරන ලද අතර. 2018 අගෝස්තු වන විට 57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ඉහත අමාත්‍යාංශය වෙත අයදුම්පත් යොමුකර ඇති අතර එම ප‍්‍රමාණයෙන් ආණ්ඩුව 2018 අගෝස්තු 20 වන දින රැකියා විරහිත උපාධිධාරීන් 4,000 කට පමණක් සංවර්ධන නිලධාරී තනතුර යටතේ බඳවා ගැනීමක් සිදුකරන ලද බව එම සංගමය පවසයි.

අයදුම්පත් යොමුකර ඇති සියලූම රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ගරු රාජ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අවස්ථා කීපයකදී පැවති සාකච්ඡා වලදී ප‍්‍රකාශ කර සිටියේ උපාධිධාරීන් 57,000 න් 15,000 ක් 2018 වර්ෂය තුළ බඳවා ගැනීමටත්, ඉතිරි ප‍්‍රමාණය 2019 වර්ෂය තුළ බඳවා ගැනීමටත් පියවර ගන්නා බවයි. නමුත් මේ වෙද්දී 57,000 කට ආසන්නව සිටි රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව රැකියා ලබාදී ඇත්තේ 4,000 කට පමණි.

පළාත් රාජ්‍ය සේවයේ, මධ්‍යම රාජ්‍ය සේවයේ, සංවර්ධන නිලධාරී සේවයේ හා ගුරු සේවයේ විශාල පුරප්පාඩු ප‍්‍රමාණයක් පවතින බවට වැඩිදුරටත් ඔවුන් සදහන් කරයි. තවද 2018 අගෝස්තු 20 බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් අතරින් බාහිර උපාධිධාරීන් ඉවත් කර ඇති බවට සංගමය චෝදනා කරයි.

ආණ්ඩුව පොරොන්දු වී ඇති පරිදි රැකියා ලබාදීමේ වැඩ පිළිවෙල දියත් නොකර තවදුරටත් ප‍්‍රමාද කරන්නේ නම් දැනට රට පුරා පවතින රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණ හා විරෝධතා සියල්ල ඒකාබද්ධ කර රැකියා විරහිත උපාධිධාරී සංගම් හා ඒකාබද්ධව දැවැන්ත සටනක් ආරම්භ කරන බවට වැඩිදුරටත් එම සංගමය පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435