DO පත්වීම් ලබා දීම ගැන අලුත් අනාවැකියක් කරලියට

උපාධිධාරීන් 12,000කට මේ මස 30 සහ 31 සහ අගෝස්තු 01 යන දිනවල සංවර්ධන නිලධාරී (Do) ලෙස පත්වීම් ලබා දීමට රජය තීරණය කර තිබේ.

2013 සිට 2018 වසර දක්වා වූ කාලය ඇතුළත උපාධි ලැබූ උපාධිධාරීන්ට මෙසේ සංවර්ධන නිලධාරී පත්වීම් හිමිවන අතරම බාහිර උපාධිධාරීන්ටද මේ යටතේ පත්වීම් ලැබෙන බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශකර ඇත්තේ උපාධිධාරීන් විශාල පිරිසකට මෑත කාලයේ එකවර රැකියා ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙයවන බවයි.

එමෙන්ම උපාධිධාරීන්ගේ පක්ෂය හෝ කුලය ගැන කිසිඳු තැකීමකින් තොරව විනිවිදභාවයකින් අදාළ පත්වීම් ප්‍රධානය කරන බවත් එය පක්ෂයකට ගැතිවී ලබා දුන් රැකියා අවස්ථා ලෙස අර්ථ දැක්වීමකට කිසිවෙකුට ඉඩ නොලැබෙන බවත් හෙතෙම කොළඹ අරලියගහ මන්දිරයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435