EPF පන අදීයි..! – මහ බැංකුවේ නවතම මූල්‍ය වාර්තාව මෙන්න

සේවක අර්ථසාධක අරමුදල් පනතේ නියමය පරිදි මුදල් අමාත්‍ය වරයා විසින් වසරේ මුල් කාර්තුව අවසන් වීමට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු පෙර වසරේ මූල්‍ය වාර්තාවේ උදෘතයන් ශ්‍රී ලංකා මහබැංකුව විසින් එළිදක්වා ඇත.

2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා වන එම වාර්තාව අනුව 2015 වසරේදී බැඳුම්කර මගඩිය සමග කරලියට පැමිණි EPF අරමුදලට සිදුවූ අලාභ වල බලපෑම ඉදිරියටත් ගමන් කරන බවක් හා අරමුදලේ ලාභාදායිත්වයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බව පැහැදිලිවේ.

රජයේ සුරැකුම් වල හා ව්‍යාපාර කොටස් වල ආයෝජන ඉපයීම් සංකෝචනය වේ

සමස්තයක් ලෙස 2016 වසරේදී රජයේ සුරැකුම් පොලි අනුපාතික ඉහල ගොස් ඇති අවස්ථාවකදී හා EPF අරමුදලේ ප්‍රමාණයත් පෙර වසරවලට වඩා ප්‍රසාරණය වී ඇති අවස්තාවක ඊට සමානුපාතිකව රජයේ සුරැකුම් වල සිදුකෙරුණු ආයෝජනයන්ගෙන් EPF අරමුදල ජනනය කිරීමට සමත්ව ඇති ආදායමේ වර්ධනය දැඩි පසු බැසීමකට ලක්ව ඇත.

2016 2015 2014 2013
අරමුදලේ සමස්ත වටිනාකම  (රු. මිලියන) 1,841,497 1,664,852 1,486,931 1,299,974
ආසන්න පෙර වසරට සාපේක්ෂව  රජයේ සුරැකුම් ආයෝජනයන්ගෙන් උපයාගෙන ඇති දල ආදායමේ වර්ධනය – (රු. මිලියන) 22,211  12,586   23,373  14,209  
සමස්ත ආයෝජනයන්ගෙන් රජයේ සුරකුම්වල යොදවා ඇති ප්‍රතිශතය   93.1 92.7 91.2

92.5

ආසන්න පෙර වසරට සාපේක්ෂව  ව්‍යාපාර කොටස් ආයෝජනයන්ගෙන් උපයාගෙන ඇති දල ආදායමේ වර්ධනය – (රු. මිලියන) 747 -1860(අලාභයක්) 2394 395
සමස්ත ආයෝජනයන්ගෙන් ව්‍යාපාර කොටස් වල යොදවා ඇති ප්‍රතිශතය  4.6 5.5 6.7 5.8

 

සමස්ත ආයෝජනයන්ගෙන් සුරකුම්වල ආයෝජනය කර ඇති ප්‍රතිශතය ඉහල යෑමත් නොසලකා මෙම වර්ධනයේ පසුබෑම සිදුව ඇත. ව්‍යාපාර කොටස් වලින් උපයාගෙන ඇති ආදායමද ආයෝජනයේ ප්‍රමාණයට සාපේක්ෂව කඩා වැටීමකට ලක්ව ඇත.

මහ බැංකුවේ EPF මෙහෙයුම් වියදම් ඉහලට

ආයෝජන ප්‍රතිලාභ තරඟකාරීව වර්ධනය කර ගැනීමට අපොහොසත් වුවත් මහ බැංකුව විසින් EPF අරමුදලෙන් අයකර ගෙන ඇති මෙහෙයුම් වියදම් පෙර නොවූ විරු ආකාරයට ආසන්න පෙර වසරවල් වලට සාපේක්ෂව 37.3% දක්වා ඉහල ගොස් ඇත.

 

2016 2015 2014 2013
මහ බැංකුවේ EPF  මෙහෙයුම් වියදම (රු. මිලියන) 921 671 621 605
ආසන්න පෙර වසරට සාපේක්ෂව  මහ බැංකුවේ මෙහෙයුම් වියදම් වැඩි වීමේ ප්‍රතිශතය 37.3 8.1 2.1 12.4

 

ආයෝජන වර්ධනය පහලට

අරමුදලේ සමස්ත ආයෝජන ප්‍රමාණයේ වර්ධනයද ක්‍රමිකව පහල යමින් පවතී.

  2016 2015 2014 2013
ආයෝජනයන්හි වර්ධනය (%) 10.5 11.6 14.3 13.7

 

සාමාජිකයින්ට ගෙවන පොලි අනුපාතික එක තැන පල්වේ  

වෙළඳපොල පොලී අනුපාතික හා රජයේ සුරැකුම් වල පොලී අනුපාතික ඉහල ගියත් ඊට සාපේක්ෂව සාමාජික පොලිඅනුපාතය ඉහල යාමක් නැත. මෙමගින් EPF ආයෝජනයේ ප්‍රතිලාභයේ මූර්ත අගය සංකෝචනය වීමක් සිදුවේ. වෙළඳපොලේ වැඩිවූ පොලි අනුපාතික වල වාසිය අරමුදලේ සාමාජිකයින්ට අහිමි වන තත්වයක් උද්ගතවී ඇත්තේ ඇයිද යන්නට බලධාරීන් පිළිතුරු සැපයිය යුතුව ඇත. සාමාන්‍යයෙන් රටේ වෙළඳපොල පොළ පොලී අනුපාතික ඉහල මට්ටමක පවතින විට, EPF අරමුදලට උපයාගත හැකි අදායමත් ඉහල යන  අතර එවිට සාමාජිකයින්ට ගෙවන පොලී ප්‍රතිලාභයේ වටිනාකමත් ඊට සාපේක්ෂව ඉහල යා යුතුය. එසේ නම් උපයාගත හැකි අදායම අහිමිකර ගත්තේ ඇයි ද යන්නට පිළිතුරු සපයිය යුතුය.

2016 2015 2014 2013
අරමුදලේ සාමාජික ගිණුම් වලට ගෙවූ  වාර්ෂික පොලි අනුපාතිකය (%) 10.5 10.5 10.5 11

 

2013 සිට වාර්ෂික වාර්ෂික වාර්තා නැත

මහබැංකුවේ EPF අරමුදල සඳහා කෙරෙන මෙහෙයුම් වියදම 37%ක් වැනි අති විශාල ප්‍රතිශතයකින් ඉහල ගියත් තවමත් 2013 වසරේ සිට EPF වාර්ෂික වාර්තාව එලි දැක්වීමට මහ බැංකුව සමත්ව නැත.

 

අරමුදලේ මුදල් ආපසු ගැනීමේ වර්ධනය වේගයෙන් ඉහලට

අරමුදලේ ආයෝජන ආදායම වර්ධනය වීම මන්දගාමී වුවත් අරමුදලෙන් සාමාජික මුදල් ආපසු ලබා ගැනීමේ වර්ධනය  ශීග්‍රයෙන් ඉහල යමින් පවතී.

2016 2015 2014 2013
සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම් (මුදල් ආපසු ගෙවීම්) (රු.මිලියන) 108,393 77,769 65,118 50,243
ආසන්න පෙර වසරට සාපේක්ෂව  ප්‍රතිලාභ ගෙවීම් වැඩි වීමේ ප්‍රතිශතය (%) 39.37 19.42 22.8 3.14

 

අරමුදලේ සමස්ථ සාමාජික ශේෂයේ වර්ධනය ක්‍රමිකව පහලට

EPF අරමුදලේ සමස්ථ සාමාජික සාමාජික ශේෂ්යන්ගේ වර්ධනය ද ක්‍රමිකව පහලට ගමන් කිරීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරයි.

2016 2015 2014 2013
ආසන්න පෙර වසරට සාපේක්ෂව  සමස්ත සාමාජික ශේෂ වර්ධනය වීමේ ප්‍රතිශතය (%) 11.4 12.5 12.8 14

 

සක්‍රීය දායකයින්ගේ සංඛ්‍යාව එක තැන

අරමුදල් ආපසු ලබාගැනීම වැඩි වුවත්, සක්‍රීය දායකයින්ගේ සංඛ්‍යාව දැන් වසර ගණනාවක සිටම වර්ධනය නොවී පවතී. මෙයින් ගම්‍ය වන්නේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ රැකවරණ සලසන රැකියා වල ප්‍රසාරණයක් රට තුල සිදු නොවන බවයි. ආර්ථික සංවර්ධන දර්ශක හා රජයේ රැකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙලේ ප්‍රගතිය EPF සක්‍රීය ගිණුම් වල වර්ධනයකින් පිළිබිඹු නොවේ. එසේනම් නව වැඩ පොළවල් හා රැකියා උත්පාදනය සිදු වූයේ කුමන ක්ෂේත්‍රයේද යන්න පිලිබඳව රජය පැහැදිලි කල යුතුය.

 

2016 2015 2014 2013
මුදල් බැර කෙරෙන සක්‍රීය සාමාජික ගිණුම් සංඛ්‍යාව(මිලියන) 2.4 2.6* 2.4 2.4

 

*2016 මූල්‍ය වාර්තාවේ වාර්ෂික සන්සන්දන තීරුවේ මෙය දැක්වෙන්නේ මිලියන 2.6ක් ලෙසයි. එනමුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2015 වසර සඳහා වූ මූල්‍ය වාර්තාවේ මෙය දැක්වෙන්නේ මිලියන 2.4ක් ලෙසයි. එමෙන්ම ප්‍රතිලාභ ආපසු ලබාගත් ප්‍රතිලාභීන් ගේ සංඛ්‍යාවෙත් පැහැදිලි නොකළ බරපතල පරස්පරතා පසුගිය වසර වල මූල්‍ය වාර්තාවල දක්නට ඇත.

සමස්ත ජනගහනයේ මන්ද ප්‍රසාරණයත්,  2017 වසරේ සිට ආර්ථිකමය ලෙස සක්‍රීය ජනගහනයේ වර්ධනය අභිබවා යැපෙන ජනගහනය වර්ධනයවීමට නියමිත බවට වන රජයේ පුරෝකතනයත් සමග (මූලාශ්‍රය: 2013-2017 සඳහා රජයේ ජාතික ශිෂ්ඨ රැකියා වැඩසටහන) EPF අරමුදලේ දිගුකාලීන පැවැත්මේ ක්‍රමික අර්බුදයට අවැසි  වට්ටෝරුව සැකසෙමින් පවතී. මෙම ජනගහන පරිවර්තනයේ වෙනස ලොව බලවත් රටවල් වලත් විශ්‍රාම අරමුදල් වල දිගු කාලීන පැවැත්ම බරපතල අර්බුදයකට පත් කොට ඇත.

කාලයක් තිස්සේ සිට පවතින ආයෝජන අපයෝජන සහ බැඳුම්කර මගඩියෙන් හා ඊට ආනුෂාංගිකව අරමුදලට කෘත්‍රිමව සිදුකල ක්‍රියාකාරකම් නිසා විඳින්නට සිදුවූ බිලියන ගණනක අති දැවැන්ත අලාභ EPF අරමුදල සුසානයේ මුව අභියසට ගෙනගොස් ඇත.

අරමුදලේ සාමාජික සේවක පාර්ශවකරුවන් මෙම අභියෝගය නිවැරදිව අවබෝධකරගෙන සිදුකෙරෙමින් පවතින හානි අවම කරගනිමින් අරමුදලේ තත්වය ප්‍රකෘති කිරීමට අවශ්‍ය නිශ්චිත පියවර කඩිනමින් ගැනීමට අපොහොසත් වන්නේ නම් අරමුදල අගාධයෙන් ගොඩගැනීම සිහිනයක්ම වනු ඇත.

මෑතකදී මහ බැංකුව විසින්ම සිදුකල පරීක්ෂණ අනුව හෙළි වූ EPF අරමුදලට සිදුවූ දැවැන්ත අලාභ ද තවම අදාළ වැරදි කරුවන්ගෙන් අයකරගෙන නැත.

– සියලු දත්ත මහ බැංකුව විසින් 2013 සිට 2016 දක්වා එළිදැක්වූ EPF මූල්‍ය වාර්තා ඇසුරෙණි.

 

මහ බැංකුව විසින් නිකුත් කල 2016 EPF මූල්‍ය වාර්තාව [Download] 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435