EPF/ETF අරමුදල් දේශපාලකයන්ගේ බූදලයක් නොවේ!

EPF සහ ETF අරමුදල් කළමනාකරණය කිරීම සඳහා මහජන වස්තු භාරයක් පිහිටුවීමට අදහස් කරගෙන සිටින බව සැලවීමත් සමග එම යෝජනාවට එරෙහිව ක්‍රියා කිරීමට වෘත්තීය සමිති ගණනාවක් අත්වැල් බැඳගෙන සිටී. මෙම යෝජනාව මගින් අරමුදල් විනාශ මුඛයට ඇද දමන බව ඔවුන්ගේ මතයයි. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ‘EPF/ETFආරක්ෂා කර ගැනීමේ ස්වාධීන වෘත්තීය සමිති පෙරමුණ’ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදි දැක්වේ.

මෙවර මැතිවරණ සමයේ ඇඟට නොදැනුවම මෙරටෙහි කම්කරුවන්ට හිමි එකම සම්පතක් වූ EPF/ETF මුදල් ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම අපයෝජනය කිරීමට සැරසෙන බවට ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශවලින් පැහැදිලි වේ. අපහට ඉඩදී නිහඬව සිටිය හැකිද?

සිය අභිමතාර්ථයන් සඳහා මෙම මුදල යොදා ගැනීමට පසුගිය ආණ්ඩුව යටතේ සේවකයින් සතු අර්ථ සාධක අරමුදල් බරපතල අවදානම් සහිත ආයෝජනවල යෙදවූ අතර, එවැනි ආයෝජන මගින් සිදුව ඇති විශාල පාඩු ලැබීම් ගැන විගණකාධීපති වාර්තාවන්හී පවා ප‍්‍රශ්න කර තිබිණ. 2011 දී හිටපු ආණ්ඩුව විසින් සේවක අර්ථ සාධක අරමුදල ඔවුන්ගේ මුදල් අවශ්‍යතා සඳහා යොදා ගැනීමට ඉදිරිපත් කළ සේවක විශ‍්‍රාම වැටුප් පනතට එක් කම්කරුවෙකුගේ ජීවිතය බිලිදී ඇතිවූ විරෝධය නිසා අකුලා ගන්නට සිදුවිය. එය පසුගිය ආණ්ඩුවේ ක‍්‍රියාවන්ය.

මෙවර UNP මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ මෙවැන්නකි. “EPF සහ ETF අරමුදල් කළමණාකරනය කිරීම සඳහා මහජන වස්තු භාරයක් පිහිටුවනු ඇත. EPF සහ ETF අරමුදල් වලින් කොටස් වෙළඳපොළෙහි සහ දේශීය සහ විදේශීය සුරැකුම්පත්වල කර ඇති ආයෝජන නිසි ලෙස කළමණාකරනය කිරීමට මෙම භාරය කටයුතු කරනු ඇත. මෙම භාරය නීතිගත කරනු ලබන අතර එයට භාරකරුවන් ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් පත්කරනු ඇත”. මෙමගින් මහා බැංකුවේ භාරකාරීත්වය සම්පූර්ණයෙන්ම ඉවත් වනු ඇත. ඣඡුෑ කමිටුව පත් කර තිබෙන්නේද ව්‍යවස්ථාදායක මණ්ඩලයයි. එහෙත් සිදුවී ඇති වංචා කොපමණද? එසේනම්, මෙම මහජන වස්තුභාරය ව්‍යවස්ථාදායක මණ්ඩලයෙන් පත් කළත් වෙනසක් නැත.

– කොපමණ මුදලක් තිබේද? – ටි‍්‍රලියන 120 කට වැඩි ගණනක්.(මිලියන එක් ලක්‍ෂ විසි දාහක් පමණ)
– මෙම EPF/ETF වල හිමිකාරයෝ කව්රුන්ද – ලක්‍ෂ 24 ක සකි‍්‍රය කම්කරුවෝ හා විශ‍්‍රාමලත් විශාල පිරිසක්.
– මෙම මුදල දැනට පාලනය කරන්නේ කව්රුන්ද ? – ලංකා මහා බැංකුව.
– මෙම මුදල ආණ්ඩුවට හෝ වෙනත් ජාවාරම්කරුවන්ට ගත හැකිද? බැහැ.
– මෙය පරිපාලනය හා පරිහරණය කිරීමට නීති තිබේද ? – ඔව් – අංක. 15, 1958 සේවක අර්ථ සාධක පනත.
– මෙම මුදල තම අභිමතය පරිදි දේශපාලකයින්ට භාවිතා කළ හැකිද? කොහෙත්ම බැහැ.
– දැනට ඇති සීමිත හිදස භාවිතා කරමින් පසුගිය කාලේ මෙම මුදලින් කොටසක් වෙනත් පුද්ගලික කොටස් වෙළඳාමට යොදවා ඇත්ද? ඔව් නමුත් වංචනික ලෙස හා පාඩුපිට.
– එම තීරණ ගත් අය වග කීවාද ? නැත. එම මුදල් සදහටම අහිමි විය.
– EPF/ETF පරිපාලනයට කම්කරු සහභාගීත්වයක් තිබේද ? – නැත.
– මෙම මුදල අවංක ලෙස භාවිතා කරන බවට දේශපාලකයින් විශ්වාස කළ හැකිද? – කොහෙත්ම බැහැ.
– මෙය දේශපාලකයින්ගේ අතට ගියහොත් නැවත ලබා ගත හැකිද? – දෙවියන්ගේම පිහිටයි.
එසේනම් කළ යුත්තේ කුමක්ද? 
– මෙම උත්සහාය නවතාලීමට ගතහැකි සියළු පියවර ගැනීමයි.
– එය කොහොමද කරන්නේ,

  • අනෙක් සේවක සහෝදරවරුන්ට පැහැදිලි කරදීමෙන්
  • දැන්වීම බෙදා හැරීමෙන්
  • ෆේස්බුක් මගින් විරෝධය පෑම
  • පෙත්සම් ඉදිරිපත් කිරීමෙන්
  • තම වෘත්තීය සමිති නායකයින්ට මැදිහත් වන ලෙස දැනුම් දීමෙන්
  • හැකි සෑම මාර්ගයන්වලින්ම විරෝධ දැක්වීමෙන්
  • කම්කරුවන්ගේ විරෝධය දැක්වීමට එකතු වී පාරට බැසීමෙන්
EPF/ETF වලට අත තැබීමට ඉඩ නොදෙමු !

EPF/ETFආරක්ෂා කර ගැනීමේ ස්වාධීන වෘත්තීය සමිති පෙරමුණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435