ETF අරමුදල් ආපසු ලබා ගැනීමට නිසි වයසක් අවශ්‍ය නොවේ

පොළිය සහ ලාභාංශ සමඟ සේවක භාරකාර අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීම සඳහා ඉල්ලුම්කිරීමට අනිවාර්ය වයස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඇති සේවක අර්ථසාධක අරමුදල (EPF) මෙන් නොව ETF සාමාජිකයන් තම අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට නිශ්චිත වයසක් සම්පූර්ණ කරන තුරු සිටිය යුතු නැත.

කෙසේ වුවද පහත සඳහන් කරුණු පිළිබඳ සැළකිලිමත් විය යුතුය.

  • අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට ඉල්ලුම්කරන්නේ නම් රැකියාවේ නියුක්තවීම අනිවාර්යයෙන් නතර කළ යුතුය.
  • රැකියාවේ නියුක්තවීම නතරකිරීමට හේතුව විශ්‍රාම ගැනීම, සේවයෙන් ඉල්ලා අස්වීම, සේවයෙන් පහ කිරීම, තනතුර අතහැර යාම ආදිය විය හැකිය.
  • මුදල් ආපසු ගෙවීමක් සිදුකර ඇති සේවා නියුක්තියක එය නතර වූ දින සිට වසර පහක් ගතවනතුරැ අරමුදල් ශේෂය ආපසු ලබාගැනීම සඳහා ඉල්ලුම්කිරීමට සාමාජිකයකුට හිමිකම් නොමැත.

මෙම රීතිය සම්බන්ධයෙන් ඇති ව්‍යතිරේකයන් පහත දැක්වේ.

  • වයස අවුරුදු 60ට එළඹීම.
  • ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට යාම.
  • විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති රජයේ සේවයට බැඳීම.
  • සදාකාලිකව ආබාධිතවීම නිසා රැකියාව අවසන් කිරීම.
  • සාමාජිකයකු මිය යාම.

සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන් වසර පහක සේවාකාලය සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායක මුදල් වලින් යුක්ත වන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.

මීළඟ කොටස: මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය උපදෙස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (5)

  1. erangika says:

    Man rajaye sewaye aurudu 12k weda kala keneki.mn 2011 sita 2014 dakwa.man 2014 di sewaya atha hera dama vides gatha unemi.mage sewa kalayata anuwa mata gathayuthu mudalak athi da yanna mata pehedili karanna.mama rajaye sthira sewayakayek lesai weda kale.meyata pilithurak denna.thank you

    (2)(0)



    0



    0
    • wedabima says:

      රජයේ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හැර අනෙක් රජයේ සේවකයෙකුට EPF/ ETF හිමිකම් නැත. ඔබ රජයේ සේවකයෙකු නිසා ඔබ නිසි වයස සම්පුර්ණ කර සේවයෙන් ඉවත් වුයේ නම් ඔබට විශ්‍රාම වැටුප් ලබාගැනීමේ හැකියාව පවතී.

      (0)(0)



      0



      0
      • Author says:

        mn vishwa vidyalaye awurudu 2k demonstrator lesa wada kaka. Mata UPF vishwa vidyala prathipadana sabawa haraha labuna. Namuth ETF labune naha. Mge langa university 1n labuna ETF card (avurudde anthimata ewanne) 2 tyenawa. Mn a mudal labaganna mokada karanna oni.

        (0)(0)



        0



        0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435