ETF මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය උපදෙස්

මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් පහත සඳහන් කරැණු වලට අවධානය යොමු කළ යුතුය.

  • මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් පහත සඳහන් කරැණු වලට අවධානය යොමු කළ යුතුය.
  • මුදල් ආපසු ගැනිමට ඉල්ලුම් කිරීම් සකස් කිරීම සැළකිය යුතු ලෙස පරිගණක කර ඇත. එබැවින් දත්ත පිළිබඳව ඇතිවන වැරදි මගහැරීම සඳහා මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පත පැහැදිලිව නිවැරදිව පිරවීම අවශ්‍යය. නම, ලිපිනය, බැංකු ගිණුම් විස්තර ආදිය පැහැදිලි අකුරෙන් ලිවිය යුතුය. එක් එක් රැකියා නියුක්තිය සඳහා වෙනවෙනම අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුය.
  • තම නමින් හෝ පවුලේ බැංකු ගිණුමක් සාමාජිකයා සතුව තිබිය යුතුය.
  • බැංකු පාස්පොතේ ඡායාරෑප පිටපතක් හෝ බැංකුවේ නම, ශාඛාව, ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය ආදිය දැක්වෙන වාර්තාවක් මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පතට අමුණා තිබිය යුතුය.
  • සාමාජිකයකු මිය යාම
  • සේවායෝජකයා විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  • මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පතේ සඳහන් නම සඑ වාර්තාවල වාර්ෂික සාමාජික වාර්තාවේ ජාතික හැඳුනුම්පතේ හෝ බැංකු ගිණුමේ දැක්වෙන නම අතර වෙනස් ඇත්නම් එම නම් වලින් හැඳින්වෙන පුද්ගලයා එකම පුද්ගලයෙක් බවට සහතික කෙරෙන ලිපියක් සේවා යෝජකයා විසින් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය.
  • සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන්වසර පහක සේවා කාලයන් සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායක මුදල් වලින් යුක්තවන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.
මීළඟ කොටස : සේවක භාරකාර අරමුදලෙන් ඉල්ලා ඇති මුදල් ගෙවීමේ ක්‍රම
සබැඳි ලිපි: ETF අරමුදල් ආපසු ලබා ගැනීමට නිසි වයසක් අවශ්‍ය නොවේ

wadabima

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435