GMOA දැන් මොකද කරන්නේ?

පසුගිය ආණ්ඩුවේ සිදු වූ දූෂණ වංචා සෙවීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ප්‍රසිද්ධ කර සෞඛ්‍ය අමාත්‍යංශයේ සිදු වූ දූෂණ හා වංචා සඳහා වහාම නීතිමය පියවර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙසේද කියා සිටියේය.

“බාල බෙහෙත් වැඩි මුදලට අරගෙන දුන්නා. ඒ බව විගණකාධිපති තහවුරු කළා. මහජන විශ්වාසය නැතිව ඇතිමකමේ තබාගත් නිසා. පසුගිය ආණ්ඩුවට වන්දි ගෙවන්න සිදු වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ වංචා හෙළි වෙලා තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු දාන්න නිර්දේශ කරලා. නව රජයෙන් නීතිමය පියවර ගන්න ඉල්ලනවා”.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සහකාර ලේකම්වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේ ජනතාවට බොරු කියන්නේ නැතිනම් රාජිත සේනාරත්න විසින්  මාධ්‍ය හමුවේ කිව්ව කිඹුලා දැන් ගෙන ආ යුතු බවත්,   සුදු ඇඳගෙන සුදු චරිතයක් වෙන්න දැගලිය යුතු නැති බවත් , ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම වත්මන් සුළුතර ආණ්ඩුවද සමීප සබඳතා පැවැත්වූ බවත්, පසු ගිය කාලයේ සිදු කළ වෛද්‍යවරුන්ගේ බොහෝ  වෘත්තීය ක්‍රියාමාර්ගයන් දේශපාලන අවශ්‍යතා මත සිදුකරන ලද ඒවා බවටත් සමාජයේ ප්‍රචලිත මතයක් පවතී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධූරයට පත් කිරීම සඳහා යම් සූදානමක් පවතින බවටද මේ දිනවල රාවයක් පවතී.

මේ නිසාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නඟන චෝදනා පවා විවේචනාත්මකව බාර ගැනීම වඩා සුදුසුය.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435