GMOA වැඩ වර්ජනය සතියකින් කල් දමයි

හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෛද්‍යවරුන්ගේ අඛණ්ඩ වැඩවර්ජනය සතියකින් කල් දැමීමට  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් අද (04) පැවති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය එළැඹි බව සංගමය වැඩිදුරටත් කියා සිටී.

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා ඊයේ (03) දිනයේ පැවති සාකච්ඡාවේදී ලැබුණු ප්‍රතිචාර අනුව සයිටම් ගැටළුව පිළිබඳව ධානාත්මක විසදුමක් කඩිනමින් ලැබෙනු ඇතැයි විශ්වාසය පල කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා පවසයි.

එමෙන්ම, ඊයේ දිනයේ සංගමයේ නියෝජිත පිරිසක් අස්ගිරි මහනාහිමි බැහැ දැක සයිටම් ගැටළුව පිලිබඳ සාකච්ඡා කළ බවත් අද(4) දිනයේ වර්ජනය සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පූජ්‍ය පක්ෂය ද විශේෂ ඉල්ලීමක් සිදු කර ඇති බව හෙතෙම සදහන් කළේය.

මේ සියලු කරුණු කාරණා සලකා බලා හෙට දිනයේ සිට අඛණ්ඩව දියත් කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමීමට සංගමය මෙලෙස තීරණය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435