PCR පරීක්ෂණ ප්‍රමාද රජයේ කළමනාකරණ ගැටලුවක් නිසයි

කොව්ඩ් PCR පරීක්ෂණ ගොඩ ගැසෙන්නේ නිසා නිදර්ෂක කළමණාකරණ  ගැටළුවක් නිසා මිස සිදු කල හැකි පරීක්ෂණ ප්‍රමාණයේ ගැටළුවක් නිසා නොවන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේස් මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අනුක ජීවී රසායනාගාර  නිවැරදිව භාවිත කරන්නේ නම් PCR පරීක්ෂණ  දස දහසක පමණ ප්‍රමාණයක් සිදු කල හැකි බවත්, නිවැරදි ලෙස කළමණාකරණය කරමින් අදාල රසායනාගාර වෙත නිදර්ෂක බෙදා නොහැරීම සහ තාක්ෂණික කළමණාකරණ ගැටළු හේතුවෙන් වෛද්‍ය පර්‍යේෂණා ආයතනය වැනි ස්ථානහි අනවශ්‍ය ලෙස පරීක්ෂණ ගොඩ ගැසෙමින් තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

එසේම, මේ සදහා අවශ්‍ය සුළු අවශ්‍යතා පිළිබදව පාවා අවධානය නොකිරීම සහ ඒ පිළිබදව සාකච්ඡා කිරීම පවා මග හැර සිටීම හේතුවෙන් ඉදිරියේදී PCR පරීක්ෂණ යාන්ත්‍රණය අනවශ්‍ය ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකි බවද, නිසි නියාමනයකින් තොරව පෞද්ගලික අංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිබාහිර ආයතන වෙත පරීක්ෂණ යොමු කිරීම හේතුවෙන්, රෝගය නොවැළදුන පුද්ගලයින් සදහා රෝගීන් ලෙස වාරතා ලබා දුන් අවස්ථා කිහිපයක් පසුගිය දින කිහිපය තුල තම සංගමය නිරීක්ෂණය කල බවද එම සංගමය විසින් ජනාධිපතිවරයාට යවන ලද ලිපියක සදහන් වේ.

මේ හේතුවෙන් පෞද්ගලික අංශයේ සිදුකරන ලද පරීක්ෂණ, වෛද්‍ය පර්යේෂණාතනය තුල නැවත පරීක්ෂා කිරීමට සිදු වී ඇති බවත්, එමගින් රෝගීන්ගේ මුදල් සහ රජයේ මුදල එකම කාර්‍යකට යොදවමින් ගසාකෑමකට ලක්වන බවද ඒ මහාතා විසින් පෙන්වා දී ඇත.

රජයේ රසායනාගාර සේවාවට අදාලව දැරිය හැකි උපරිම PCR ධාරිතාව ආරක්ෂා කර ගනිමින්, පරීක්ෂණ ක්‍රියාවලිය සිදු කිරීමේදී සලකා බැලියයුතු කරුණු ගණනනාවක් අදාල ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435