SEX වලින් අල්ලස් ගන්නා මහාචාර්ය දොස්තර!

ස්වයං පරපීඩිත කාම පූජාවාදී වෛද්‍යවරයන් පිළිබඳ මා ලිවිය යුතුයි. සමාවන්න! මොහු සාමාන්‍ය වෛද්‍යවරයෙක් පමණක් නොව මහාචාර්ය පට්ටමක්ද පැලැන්දෙකි. ඒ වැල් වටාරම් කිසිවක් මා හට හෝ ලිවීම කෙරේ අදාළත්වයක් නොමැත්තේ. ඒ කිසිවක් මා පයිසෙකටවත් නොගත්ත නිසාය. මාගේ සොයා බැලීම්වල නිරවද්‍යතාව පිළිබඳ අවංක අදහසක් ඇත්තේ නම් මට පෑන හැසිර විය හැකිය. සැබෑ ලෙසම මෙම කතාව ලිවීමේදී මෙම සමාජය විසින් සුපිරි යැයි සවිමත් කොට ගත් ජීවිතයක් ගෙවන කමකට නැති මනුෂ්‍යායාගේ ලිංගික පරාරෝපණය, නියුරෝපියතාව සහ අනුකරූපී මනෝරාගික බව පිළිබඳ ලිවිය යුතුය. එම නිසා මම මෙලෙස ඇරැඹීම සටහන් කරන්නෙමි.

ලද තොරතුරු මත පදනම් වූ අපි කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක් කරා පැමිණ සිටියෙමු. ඒ අවුරුදු 5ක සිට දරුපල සිහින දකින අඹු – සැමි යුවළක් ලෙසට රූපාන්තරණය වෙමිනි. පැමිණීමට ප්‍රථම සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලිව පැවැසිය යුතු නිසා එහි ඇරැඹුම මෙලෙස සටහන් කරන්නෙමි.

පළමු ඇමැතුම දුරකතන අංක 071-47#5###

ඩොක්ටර් මම කතා කරන්නේ ….. කියල කෙනෙක්. මගේ ෆැමිලි ලයිෆ් එකේ පොඩි ගැටලු කීපයක් තියෙනවා. ඒ කියන්නේ වයිෆ්ට දැනට අවුරුදු 5ක කාලයක ඉඳලා බබාලා නැහැ. අපි ගොඩක් උත්සාහ කළා. මට ඩොක්ටර් ගැන කිව්වේ ඩොක්ටර් ටී්‍රට් කළ මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඩොක්ටර් මගේ වයිෆ් ගොඩක් ලස්සනයි. ටී්‍රට්මන්ට්වලදී එයා ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න බයයි. ඒත් මම ඩොක්ටර් ගැන කිව්වම එයා කැමැති වුණා.

පළමු ඇමැතුමට ලද ප්‍රතිචාර (සංවාද ස්වරූපය එකිනෙකට වෙන් කොට ගොනු කරන ලදී.)

ඕ. කේ. මම ඩොක්ටර් කෙනෙක් විතරක් නෙවෙයි. මේ සබ්ජෙට් එකට ලංකාවේ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක්. මාව චැනල් කරන්න. මම දවසේ කොළඹ ඩ…. එකේ ඉන්නවා. ඔයාලා රාගම ඉඳලා එනවා නම් ඊ. චැනලින්වලින් එපොයිමන්ට් එකක් ගන්න. වයිෆ්ව කොහොම හරි එක්ක ගෙන එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ මම මගේ ජොබ් එක හරියටම කරන්නම්.

අදාළ දිනය උදාවන තුරු අපද සිටියේ නොවිසිලිමත් බවින් පෙළෙමින්. එම කාලය තුළ සිදු කළ වැදගත්ම කරුණ වූයේ මෙම මහදැරු වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් හිරිඔතප් බිඳ දැමෙනා මට්ටමට පැමිණි තරුණ යුවළකගෙන් මෙම කමකට නැති වෛද්‍යවරයාගේ හැඩතල, ස්වරූපය සහ ගති ගුණ පිළිබඳ අදහසක් ලබා ගැනීමයි. ඒ සඳහා ප්‍රතිපාර්ශ්ව දෙකොටසටම එකම අවස්ථාවක් ලබාදෙන ලදී.

ගැහැනු මනුස්සයා –

අපි මේ ඩොක්ටර්ව චැනල් කළේ මේ සබ්ජට් එකට ලංකාවේ ඉන්න ප්‍රොෆෙසර් මෙයා කියලා දැනගත්ත හින්දා. මොකද අපි දරුවෙක් හදා ගන්න සිංහල බෙහෙත් කළා, දේවාලවල පුද පූජා කළා. ඒත් පලක් වුණේ නැහැ. මගේ හස්බන්ඩ් මැරේජ් ලයිෆ් එකෙන් එක අවුරුද්දක් පිටරට වැඩ කළේ. අපි ඩොක්ටර් හමුවෙලා ඇත්තම කිව්වා. හැබැයි මට තේරුම් ගන්න පුළුවන් වුණා පළමු දවසෙම ඩොක්ටර් ටිකක් අමුතු කෙනෙක් කියලා. මොකද එයා කාගෙවත් ඇස් දෙක දිහා කෙළින් බලලා කතා කරන්නේ නැහැ. ගොඩක්ම ටෙන්ෂන් එකක ඉන්න බව පෙනුණා. පළමු වැනි දවසේ අපි දෙන්නා එක්ක කතා කළා. අපි දෙන්නගේ ෆැමිලි ලයිෆ් එක ගැන කතා කළා. ඒවා ගොඩක් සාමාන්‍ය ප්‍රශ්න. ඊට පස්සේ තව දවසක් දුන්නා අයේ එන්න කියලා.

ඒ වෙලාවෙම ඩොක්ටර්ගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට රින් කට් එකක් දුන්නා. අපිට ඒවා අසාමාන්‍ය දේවල් කියලා තේරුණා. ඒත් අපිත් කොහොම හරි දරුවෙක්ව හදාගන්න ඕනෑ කියන තැනනේ හිටියේ. ඒ නිසා හැමදේම දිහා බලාගෙන ඉමු කියලා මම හස්බන්ඩ්ට කිව්වා. අපි පළමු වැනි දවසේ ඩොක්ටර් හම්බ වෙලා රූම් එකෙන් එළියට ඇවිත් අපිට පාර ගාවට එන්න බැරි වුණා ඩොක්ටර් කෝල් කළා. එයා කිව්වේ හොස්පිට්ල් චාජස් අරගෙන ඩොක්ටර් චාජස් ආපහු ගෙවන්න කියලා එයා කිව්ව. ඒ නිසා සල්ලි අපහු ගන්න කියලා. ඇත්තටම අපිට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් අපි කතා වෙලා ඒක ඩොක්ටර් කොහොම භාර ගනීද කියන ප්‍රශ්නය එක්ක සල්ලි ආපහු ගත්තා. ප්‍රශ්නය ඇති වුණේ දෙවැනි පාර ඩොක්ටර් හම්බ වෙන්න යද්දි. මේ මනුස්සයාව අපි චැනල් කළේ හවස. මෙයා උදේ ඉඳලා මගෙන් අහනවා අද එනව නේද? ඇවිත් කෝල් කරන්න කියලා. මම ඒක හස්බන්ඩ්ට කිව්වේ නැහැ. අපි ගියා. අපි එනකම් බලාගෙන ඒ මනුස්සයා හිටියේ. හරිම ඉවසිල්ලක් නැති බවක් එයාගෙ තිබුණේ. මුලින්ම මට කාමරයෙන් එළියට යන්න කියලා හස්බන්ඩ්ව ඇතුළට ගත්තා.

(පිරිමි මනුස්සයාගේ කතාව පසුවට…)

ඊට පස්සේ මාව ගත්තා. මට ටී්‍රට්මන් බෙඩ් එකට නඟින්න කිව්වා. ඊට පස්සේ ඔළුව ටච් කළා. කකුල් ටච් කළා. පපුව සහ තව අවයව ටච් කරන්න ගත්තා. මට තේරුණා මේක ටී්‍රට්මන්ට් එකක් නෙවෙයි කියලා. ඊට පස්සේ මගෙන් ඇහැව්වා ඇයි ඔයාට මම එහෙම කරද්දි ෆීලින්ස් දැනෙන්නේ නැද්ද කියලා. ආයේ පාරක් පපුව ටච් කරන්න හදද්දි මම ඩොක්ටර්ව තල්ලු කරලා එළියට ආවා.

පිරිමි මනුස්සයාගේ කතාව

වයිෆ්ට තමයි එයාගේ මෙඩිසින් සබ්ජට් එකක් කරන යාළුවෙක් මේ සර් ගැන කියලා තිබුණේ. සිංහල බෙහෙත්, අරවා මේවා කරලා මම අන්තිමට වැඩේ අත ඇරලා හිටියේ. හැබැයි අපිව චෙක් කරපු හැම ඩොක්ටර්ම කිව්වේ දෙන්නගෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ නිසා තවදුරටත් අපි දරුවෙක් ගැන බලාපොරොත්තු වුණා. පළමු වැනි දවසෙම මට ඇත්තටම ඩොක්ටර්ව සැටිස් වුණේ නැහැ. ඒත් මගේ වයිෆ්ගෙ හිත රිද්දන්න බැරි හින්දා මම එයාට වෙනසක් පෙන්නුවේ නැහැ. දෙවැනි දවසේ අපි යද්දි ඩොක්ටර් දෙපාරක් විතර කෝල් කළා. සාමාන්‍යයෙන් මම මෙහෙම කියන එක වැරැදියි. ඒත් මගේ වයිෆ් සාමාන්‍යයෙන් කොන්ඩේ දිග සුදු උස මහත කෙනෙක්. එහෙම කෙනෙක්ට ලංකාවේදී කියන්නේ ලස්සනයි කියලනේ. ඩොක්ටර්ට තියෙන්නේ මෙයාගෙ ලස්සන ගැන අදහසක් කියලා පළමු වැනි දවසෙම මම ගෙස්ට් කළා. අපි දෙවැනි පාර ගියාම ඩොක්ටර් මාව කාමරේ තියාගෙන වයිෆ්ට එළියට යන්න කිව්වා.

ඊට පස්සේ මගෙන් අපේ සෙක්ස් ලයිෆ් එක ගැන මගේ නෝනගේ කැමැත්ත අකැමැත්ත කොහොමද වගේ දේවල් අහලා, මගේ කොණ්ඩෙ අස්සට අත දාලා ටච් කරන ගමන් ඔයාට ෆීලින්ස් මොනා හරි දැනෙනවාද කියලා ඇහැව්වා. මම කෙළින්ම කිව්වා එහෙම දෙයක් මට ඔයා ඔහොම කළා කියලා කොහොමද දැනෙන්නෙ කියලා. ඩොක්ටර් අවුල් වුණා. එයාට ඕනෑ වුණේ මගෙන් වයිෆ්ගේ දේවල් දැන ගන්න. පස්සේ තමයි වයිෆ් මට එයාට වුණ දේ කිව්වේ. මට හිතුණෙම වයිෆ් ලව්වා කෝල් කරලා කොහේට හරි ගෙන්නගෙන කනට දෙකක් ගහන්න.

දැන් මගේ සූදානම වෙන් වෙන් වශයෙන් අසන ලද කතා දෙකක එක්කාසුව යම් යම් නිගමන මඟින් ලබා ගැනීම. උදාහරණ ගත වුවහොත් මොවුන් දෙදෙනා අනුව යමින් අප හට පළමුව තේරුම් ගත හැකි සරල කරුණ වන්නේ මහාචාර්ය වෛද්‍යවරයා යම් මානසික ආතතියකින් පෙළෙන්නෙක් බව. බොහෝ විට එය ස්ත්‍රිය කෙරේ ඇති කුකුස සහ බිය මතින් ඇති වෙන්නක් ලෙසද ගිනිය හැකියි. බොහෝ විට ස්ත්‍රී ශරීරය සහ එය වටා සබැඳි අවයව පිළිබඳ ලාංකිකයාට ඇත්තේ ගිජු සහගත විචිකිච්චාවක් යන්න පහසුවෙන් තෝරාගත හැක්කක්. ඒ නිසයි එම වෛද්‍යවරයා බොහෝ දුරට නොසන්සුන් අයෙක් ලෙස කිසි විටෙක අන් අයගේ දෙනෙත් දෙස නොබලන්නේ. මානසික තුලිතතාවක් අපේක්‍ෂාවෙන් ඔහු ඔහුගේ මේසය මත ඇති පොත් පත් නිසි පිළියෙල කිරීමේද නිරත වනවා.

සැබෑ ලෙසම මා මතකයට නැඟුණේ මෙවන් දීන වෛද්‍යවරයෙක් නොවෙයි. සැබෑ රසවතෙක් වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාව. ඒ පිළිබඳව මා හට මෙලෙස සටහනක් තැබිය හැකියි.

එක් සීත සන්ධ්‍යා යාමකදී මා මහදුරු සේනක බිබිලේ වෛද්‍යවරයාන්ගෙන් මලනුවන් සමඟ බිබිල වලව්වේ ආලින්දයේ සල්ලාපයක යෙදී සිටියෙමි. මාගේ මතකය නිවැරැදි නම් ඒ ගුණගරුක මහතාගේ නම ප්‍රසන්න බිබිලේ විය යුතුය. අප කතා බහ කළේ ඔහුගේ ලොකු සහෝදරයාගේ ජීවිත අන්දරය පිළිබඳවය. ගයානාවේ අඳුරු වෙරළ තීරයකදී දැවී අළුව යන්නට ඉස්මත්තෙන් බිබිල මහියංගණය සහ ඉන් ඉක්බිති මැද මහනුවර කරා ඇදී ගිය අතීත කතා ගොන්න පිළිබඳවය. එකී මතක මා “මව්බිම” ඉරිදා සංග්‍රහයට ලිපියක් ලෙස ගොනු කළ බවද මතකය. ආදරය, වේදනාව, මුරණ්ඩුකම, දරදඬු බව මැදින් සේනක බිබිලේ චරිතාංගය පොදු මහජන වේදිකාව මත දිගේලි වූ වසර 57 කාලය පිළිබඳ කතා බහ කරන්නට කිසිසේත් කාලය නොපෑහෙන නිසා මම කඩඉම් ප්‍රශ්න කීපයක් ඇසුවෙමි. විටක ඒවා ආදරය, ප්‍රේමය කරාද දිව ගියේය. ප්‍රථම විවාහයෙන් ඉක්බිති සේනක බිබිලේ මහතා දෙවැනි වර විවාහ වන කෙනා ගෙවා දමන ලද අට වසරක දිවි සැරිය සැබෑ ලෙසම පුදුම උපදවනසුලු නොවේදැයි මම ප්‍රසන්න මහතාගෙන් විමසා සිටියෙමි.

ජීවිතයේ ගොඩක් දේවල් ලෞකික බැඳීම්. අයියා ඒවා හොඳට තේරුම් ගන්න කෙනෙක්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ.

ප්‍රසන්න මහතා එලෙස පිළිවදන් ගොනු කළේය. සේනක බිබිලේ වැන්නවුන් සැබෑ ලෙසම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගතහොත් වෛද්‍යවරුන්ය. හිපොක්‍රටිස් පරපුර සුජාත දුවා දරුවන්ය.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435