UAEහි උෂ්ණත්වය ඉහළ නගියි – ප්‍රදේශ කිහිපයකට දැඩි රස්නයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රදේශ කිහිපයක බලා ඇති අධික උෂ්ණත්වය නිසා එරට ජන ජීවිතයට තර්ජන එල්ලවී තිබෙන බව වාර්තා වේ.

අබුඩාබි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් නවය (49°C ) දක්වා ඉහළ යන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබෙන අතර ඩුබායි නුවර උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් හය (46°C )දක්වාත් අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස්දෙක (32°C ) දක්වා ඉහළ යන බව පෙන්වා දී ඇත.

එමෙන්ම, සාජා නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් පහ (45°C) දක්වා ඉහළ යන බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ.

තවද, වෙරළබඩ ප්‍රදේශවල උපරිම ආර්ද්‍රතාවය සියයට 65සිට 85දක්වාත්,අභ්‍යන්තර ප්‍රදේශවල සියයට 60 සිට 80 දක්වාත්, කඳුකරයේ සියයට 50 සිට 70 දක්වා ඉහළ යෑමට ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435