UAEහි කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් එරට වැසියන්ට නිවේදනයක්!

එක්සත් අරබි එමීර් රාජ්‍යයේ කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය විසින් එරටට හෙට සහ අනිද්දා දිනවල බලපැවැත්විය හැකි මීදුම් අධික කාලගුණ තත්ත්වයක් පිළිබඳව රතු එළියක් නිකුත්කර තිබේ.

අද දිනයේ සුළු වශයෙන් උෂ්ණත්වය පහත යා හැකි බවත් අවම වශයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10.1 ක් විය හැකි බවත් දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

හෙට දිනයේදී ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ හා සවස් කාලයේ මීදුම් බරිත ස්වභාවයක් ගන්නා බැවින් පරිසරයේ දෘෂ්‍යතාවය පහත වැටෙන බවයි කාලගුණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ.

එමෙන්ම මීදුම් ස්වභාවයත් සමඟ පරිසරයේ අඳුරු බව වැඩිවෙන බැවින් රිය ධාවනයේදී වඩාත් ප්‍රවේශම්විය යුතු බවත් රියදුරන්ට සිහිපත් කරයි.

වෙරළබඩ හා ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ හා රාත්‍රී කාලයේ ආර්ද්‍රතාවය වැඩිවිය හැකි බැවින් මාර්ගවල තෙතමනය නිසා ලිස්සන සුළු බැවින්ද ප්‍රවේශමෙන් රිය ධාවනය කළ යුතු බව රියදුරන්ට නැවත වරක් සිහිපත්කර දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435