UAEහි ජාතික දිනය නිමිත්තෙන් දෙස් විදෙස් සැමට නොමිලේ ලැබෙන වාසියක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය වෙනුවෙන් එරට වෙසෙන සැමට අන්තර්ජාලයේ නොමිලේ සැරිසරන්න අනඟි අවස්ථාවක් උදාවී තිබේ.

ඒ අනුව නොවැම්බර් 30 සිට දෙසැම්බර් 09 වෙනි දින දක්වා දින 10ක කාලයක් එටිසෙලාට් භාවිත කරන පාරිභෝගිකයින්ට නොමිලේ වේගවත් WiFi සම්බන්ධතාවයක් අත්විඳිය හැකි බව නිවේදනය කර ඇත.

විශේෂයෙන් වෙළෙඳ සැල්, කැෆේ, වෙරළාසන්න, උද්‍යාන ඇතුළු UAE හි ප්‍රසිද්ධ ස්ථාන රැසක නොමිලේ WiFi භාවිත කළ හැකිය.

අදාල කාරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එටිසෙලාට් ආයතනය ප්‍රකාශකර ඇත්තේ, එටිසලාට් හි WiFi ජාලය හරහා පාරිභෝගිකයන් හට අධිවේගී හා සුපිරි ගුණාත්මක භාවය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් සුභපැතුම් හුවමාරු කිරීම, ඡායාරූප හුවමාරු කිරීම, සමාජ ජාල වෙබ් අඩවි වෙත පිවිසීම, නිවැසියන් හා නොමිලේ කතා කිරීම මේ අවස්ථාව යොදාගත හැකි බවයි.

මේ අවස්ථාව භුක්ති විඳින ලෙස එටිසෙලාට් ආයතනය UAE සිටින සැමට සිහිපත්කර දෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435