UAEහි නැවක සේවය කළ ආසියාතික ශ්‍රමිකයින් 13ක් 99න් බේරෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර කලීඩ් වරායේ නැවක ඇතිවූ ගින්නක් නිසා නැවේ සේවය කරමින් සිටි ඉන්දීය ජාතික ශ්‍රමිකයින් 13න් දෙනෙකුගේ ජීවිත මහත් පරිශ්‍රමයකින් බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව වාර්තා වේ.

නැව ගිනි ගන්නා අවස්ථාවේ එහි ඩීසල් ගැලුම් 6,000ක්,මෝටර් රථ 120ක් සහ ටයර් 300ක් පමණ ගබඩාකර තිබී ඇති අතර සිවිල් ආරක්ෂක අධිකාරියේ ගිනිනිවන භටයන් ගින්න පැතිරීම වැළැක්වීමට කටයුතු කිරීම නිසා විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයකරගෙන නොමැති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ෂණ ආරම්භකර ඇති බව සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435