UAEහි මාර්ග නීති වෙනස් වෙයි – අමාරුවේ වැටෙන්න පෙර දැනගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාර්ග නිති වෙනසකට ලක්වෙමින් මෝටර් රථ ධාවනය සඳහා නව වේගසීමාවන් හඳුන්වා දි තිබේ.

මේ සම්බන්ධයෙන් අබුඩාබි රථවාහන ආරක්ෂණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ මෝටර් රථ ධාවනය කිරීමේ උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර් 140ක් ලෙස තහවුරු කර ඇති බවයි.

එමෙන්ම, වේග සීමාවන් පනවා ඇති මාර්ගවලට පමණක් අලුතින් ප්‍රකාශයට පත් කළ වේග සීමාව අදාල වන බවත් අදාල මාර්ගයන් නිවැරදිව හඳුනා ගන්නා ලෙස රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලීමක්ද කර තිබෙන බවයි වර්තා වෙන්නේ.

මෙම නව වේග සීමා උල්ලඝනය කරන රියදුරන්ට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් නිසි දඬුවම් හා දඩ නිකුත් කිරීමටද කටයුතු කරන බවත් අබුඩාබි රථවාහන ආරක්ෂණ කමිටුව වැඩිදුරටත් දන්වා ඇත.

රියදුරන්ගේ, පදිකයන්ගේ සහ දේපලවල ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් අදාල වේග සීමාවන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළ බව කමිටුව ප්‍රකාශය කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435