UAE පිහිටි ලක් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්!

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ තානාපති කාර්යාලයේ සේවය කරන සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි. ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් තානාපති කාර්යාලය වඩා තැබෙන බවයි එරට විදේශ සබඳතා අංශය නිවේදනය කර ඇත්තේ.

මෙම තානාපති කාර්යාලයට දිනපතා විවිධ සේවා ලබා ගැනීමට ලාංකිකයින් පැමිණෙන බැවින් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස තානාපති කාර්යාලය 21 වෙනි දින සිට නැවත දැනුම්දෙන තෙක් වසා දැමිමට කටයුතු කළ බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරන්නේ.

කොරෝනා වෛරසය වැළදුනු 05 දෙනා මේ වනවිටත් වෛද‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇථි අතර ඔවුන්ගේ තත්ත්වයද බරපතල නොවෙන බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති මේ අවස්ථාවේ ලාකිකයෙකුට යම් තොරතුරක් දැනගැනීම අවශ්‍ය නම් slemb.abudhabi@mfa.gov.lk යන විද්‍යුත් ලිපිනයට හෝ ගාස්තු රහිත දුරකථන අංක 800119119 ඔස්සේද තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි බවත් තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435