UAE රාජ්‍යය විදේශික ශ්‍රමිකයින්ට වාසිදායක නව නීති හඳුන්වා දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට වාසිදායකවන නව නීති හඳුන්වාදීමට එරට රාජ්‍ය බලධාරීන් ක්‍රියාමාර්ගගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම නව නීති අනුව විදේශික ශ්‍රමිකයින්ට සිය පවුලේ සාමාජිකයින් එරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබේ.

එහිදී විදෙස් ශ්‍රමිකයාගේ වෘත්තියට වඩා ආදායම් තත්ත්වය ගැන මූලික අවධානය යොමු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරතිබේ.

විදෙස් ශ්‍රමිකයන්ගේ ජීවිත ප්‍රීතිමත් කර ඵලදායිතාවය වැඩිකිරීම සඳහා නව නීති හඳුන්වාදීමේ මුලික අරමුණ වු බව මානව සම්පත් සහ එමිරෙට්ස්කරණ අමාත්‍ය, කසීර් අල්-තානී අල්-හම්ලි ප්‍රකාශ කළ.

කෙසේ වෙතත් මෙම නව නීති සමඟ විදේශිකයින්ට සිය පවුලේ අය සමඟ එමිරේට්ස් රාජ්‍යයේ ජීවත්වීමට හැකියාව ලැබීම ගැන තමන් සතුටට පත්වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435