UAE රාජ්‍ය පොදු සමා කාලය තවත් දිර්ඝ කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් එරට නීති විරෝධී ලෙසින් රැඳී සිටින විදේශිකයින්ට දඩ හෝ දඬුවම්වලින් තොරව මව් රටවල් බලා යාමට ලබා දුන් පොදු සමා කාලය දිගු කිරීමට තීරණය කර තිබේ.

පසුගිය අගෝස්තු මස 01 වෙනි දින ප්‍රකාශයට පත්කළ මෙම පොදු සමා කාලය ඔක්තෝම්බර් 31 වන දිනෙන් අවසන් වීමට නියමිත වූවත් එම කාලය 2018 දෙසැම්බර් මස 01 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කල බව එරට අනන්‍යතාවය හා පුරවැසිභාවය පිළිබඳ ෆෙඩරල් අධිකාරියේ විදේශිකයන් සහ වරාය කටයුතු පිළිබඳ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්, සෙයිඩ් රකන් අල් රෂිඩි ප්‍රකාශයට පත්කර තිබේ.

මෙලෙස පොදු සමා කාලය දීර්ඝ කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ පසුගිය කාලය තුළ විදේශිකයින් විශාල පිරිසක් පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන මව් රටවල් බලා යාමට මධ්‍යස්ථාන නවයකට අයත් පෝලිම්වල රැදී සිටීම නිසා බවයි හෙතෙම ප්‍රකාශකර ඇත්තේ.

දීර්ඝ කරන ලද කාලයද ප්‍රයෝජනයට ගෙන අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කර පොදු සමාකාලය තුල නීත්‍යානුකූලභාවය ලබාගන්නා ලෙසවැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා සියළුම විදේශිකයින්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435