UAE රියදුරන්ට පොලීසියෙන් රතු සංඥාවක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ මාර්ග නිති හා දඩ ක්‍රමවේදය වෙනසකට ලක්වෙමින් රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් වන වැරදි සඳහා නව දඩ මුදලක් තීරණය කිරීමට කටයුතු කර තිබේ.

යම් රියදුරෙකුගේ රියදුරු බලපත්‍රයට හිමි වලංගු කාල සීමාව ඉකුත්ව තිබියදී එය අළුත් නොකොට රිය ධාවනය කරන අයට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කිරීමටත් එහිදී ඩිර්හම් 500ක දඩ මුදලක්ද අයකර ගන්නා බවත් අබු ඩාබි පොලීසිය එරට වැසියන්ට සිහිපත්කර දෙයි.

රියදුරෙකු විසින් මෙම වලංගු නීති රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දඩයක් ගෙවීමට සිදුවෙනවා සේම ඔහුගේ රියදුරු බලපත්‍රයට හිමි පොයින්ට්ස් 4ක්ද කපා හැරීමත් අදාළ වාහනයද රාජ සන්තක වීමටද හේතුවක් වෙනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435