UAE සිටින ඔබට විශේෂ සිහිපත් කිරීමක්

කොරෝනා වෛරසය මැදපෙරදිග රටවල ව්යාප්තවීමත් සමඟ ඒ ඒ රටවල වෛරසය පාලන කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී.

කෙසේ වෙතත් මේ තිබෙන තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යද සිය රටේ වැසියන්ගේ ආරක්ෂාව උදෙසා ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම ඔවුන්ගේ අත්‍යාවශ්‍ය සේවා නොපිරිහෙලා ඉටුකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය වෙළෙඳසැල් විවෘත කර තැබීමට අවසර ලබා දී තිබෙන අතර ඔසුසැල්, ආහාර වෙළෙඳසැල්, සිල්ලර බඩු වෙළෙඳසැල් සහ මාළු, මස්, එළවළු අලෙවි කරන සුපිරි වෙළෙඳසැල් විවෘත කර තැබීමට සෞඛ්‍ය හා වැලැක්වීමේ අමාත්‍යාංශය හා ජාතික අපදා කළමනාකරණ අධිකාරිය අවසරලබා දී තිබේ.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස රටේ ජනතාවගෙන් සෞඛ්‍ය අමාත්‍ංයාශය ඉල්ලීමක් කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435