UAE සිට ආ ලාංකිකයින් 5ක් නිසා කටුනායක ගුවන්තොට නොසන්සුම් වෙයි

ලාංකීය ගුවන් මඟීන් පස් දෙනෙකු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් ඊයේ අළුයම කටුනායක ගුවන්තොටුපළ රේගු පරිෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙම දුම්වැටි තොගය සමඟ සැකකරුවන් පස් දෙනා රේගු භාරයට පත්වී තිබෙන අතර ඔවුන් කොළඹ හා මීරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

ඔවුන් සතුව තිබී රුපියල් 3146000ක් වටිනා දුම්වැටි කාටුන් 286 ක් සොයාගත් බව යි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ.

එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රේගු විමර්ශනවලින් පසු සැකකරුවන්ට රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කර දුම්වැටි තොගය රාජසන්තක කළ බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435