UAE සිට ලාංකිකයින් 298ක් මත්තලට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (09) දින අලුයම මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් එරට රැකියා සඳහා ගොස් සිටි පිරිසක් බවට තොරතුරු වාර්තා වේ.

මෙම පිරිස ඩුබායි සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 6.05ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435