UAE හා කටාරයේ සිට ලාංකිකයින් 447ක් දිවයිනට

කොරෝනා ව්‍යාප්තිය නිසා මෙරටට පැමිණීමට නොහැකිව විදේශයේ සිරවී සිටි ලාංකිකයින් 447 දෙනෙකු අද (09) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් 420ක් හා කටාර් රාජ්‍යයේ රැඳී සිටි ලාංකිකයින් 27 දෙනෙකු මෙලෙස දිවයිනට ගෙන්වා ඇත.

මෙම පිරිස කටුනායකට පැමිණිමෙන් අනතුරුව PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් පසුව නිරෝධායනයට යොමුකළ බවත් සඳහන්.

මහ මැතිවරණය නිසා විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීම පසුගිය 04 වෙනිදින තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර නැවත ඊයේ (08) දින සිට විදේශයේ සිටින ලාංකිකයින් ගෙන්වීම ආරම්භ කරන ලදී.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435