UAE හා කටාරයේ සිට ලාංකිකයින් රැසක් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ‍ශ්‍රී ලාංකිකයින් 299 දෙනෙකු අද (13) අලුයම ගුවන් යානා 02 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අද අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වූහ.

ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් වේ.

මීට අමතරව අද අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන් විය.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවල දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    බලපුලුවන්කාරයෝ තමන්ගේ මව්රටට යනවා, ඒත් අපිට තම මව්රටට යන්නත් පෙරුම් පුරන්න වෙලා, මේ වෙනකොට කටාර් වල විතරක් ලංකාවට යන්න ලියාපදිංචි වෙලා ඉන්නවා 10000 පමන අසරන ශ්‍රමිකයන්, කවදා යන්න ලැබේවි ද දන්නේ නැ, රජයේ මාධ්‍ය සංදර්ශන විතරයි, කොරෝනා නෙවෙයි සැබැ විනාශය කරන්නේ, වත්මන් රජයේ අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා,

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435